දැවැන්ත ව්‍යාපාරයේ අඩිතාලම ප්‍රතිපත්තිගරුක බවයි | දිනමිණ

දැවැන්ත ව්‍යාපාරයේ අඩිතාලම ප්‍රතිපත්තිගරුක බවයි

මනම්පේරි යුවළ

දොන් බුම්පි විජේවික්‍රම මනම්පේරි අප කතා නායකයා උපන්නේ දකුණු පළාතේ හම්බන්තොට මිද්දෙනිය මැල්ලකැටිගොඩ ගමේ විය.නිසි වයස පැමිණි පසු අවුරුදු 5 දී හම්බන්තොට උලහිටියාව කනිටු විද්‍යාලයට ඇතුලත්ව ඉගෙනිමේ කටයුතු ආරම්භ කලද මොහුගේ පාසල් අධ්‍යාපනය 8 වසරට පමණක් සීමා විය.පසුව පවුලේ හාමුදුරු නමක් සිටියහොත් හොදයැයි සිතු තම පියා මොහු මීගහහේන විහාරයට මහණ කිරීම සඳහා යොමු කලද, එක්දිනක් පන්සලේ කිසිවෙකුටත් නොදන්වා පන්සලෙන් පැමිණ බෙලිඅත්තේ වී.එම්.සව්දිරිස් සිල්වා මහතා වෙත ගොස් වෑන් රථයේ වැඩ කිරීමට කැමැත්ත පල කලද, සව්දිරිස් මහතාගේ උපදෙස් මත හැටන් ප්‍රදේශයේ වෙ‍ෙළඳ සැලක සේවය කිරීමට ගියද එම වෙළඳ සැලේ සේවය කල දෙමල ජාතිකයන් හට කෑම පිළියෙළ කිරීම මොහුට පැවරුනි.ඒ 1957 වර්ෂයේදීය.

මුලුතැන්ගෙයි වැඩවලට අමතරව වෙ‍ෙළඳ සැලේ පිස දැමීම ආදිය සිදු කර මසකට රුපියල් 5 වැටුපක් ලබා ගැනීමට මොහුට හැකිවිය.

කෙමෙන් තරුණ වියට පත් වූ මොහු දුටුවන් මන බඳින රූ සපුවකින් යුක්ත විය.මුලුතැන්ගෙයින් පටන්ගෙන අයකැමි දක්වා ඒමට මොහුට ගියේ ඉතා කෙටි කාලයකි.1966 වර්ෂයේදී මෙම වෙ‍ෙළඳ සැලේ කළමනාකරයා ලෙස පත්වන්නට මොහුට හැකි විය.

කෙසේ නමුත් තම සහෝදරියගේ කටයුතු වෙනුවෙන් වෙළඳ සැලේ සේවය කරන අතර උපන් ගමට පැමිණේමේදී ලද තම ආදරවන්තිය නිසාත් මොහු එම වෙ‍ෙළඳ සැලෙන් අස් වී තම ගමට ගියේ කුමක් හෝ ව්‍යාපාරයක් පටන් ගන්නා අදහසිනි.

ඒ අනුව රැකියාවෙන් ඉතිරි කර ගත් රුපියල් 565/- ක්ද අතතිව සිටි වයස අවුරුදු 25 වූ මෙම තරුණයාට අත්දැකීම් බහුල පුද්ගලයකු විය.

ගම් ප්‍රදේශයට පැමිණි පසු 1966 වර්ෂයේදී රැකියාවෙන් ඉතිරි කල මුදල් යොදවා කෝපි කඩයක් තම ශක්තියෙන් ප්‍රථම වරට ආරම්භ කරන ලදි.වෙ‍ෙළඳ සැල ආරම්භ කර ටිකෙන් ටික දියුණු වන අතර තුර මනම්පේරි මහතා විවාහ දිවියට පත් විය.ඔහුගේ සහකාරිය සාමා නම් විය.

විවාහයෙන් පසු තමාගේම කියා කුඩාවට කටුමැටි ගසා කාමරයක් තනා එහි කෝපි කඩයක් ආරම්භ කර එහිම මෙම දෙපල පදිංචි විය.මනම්පේරි මහතාගේ බිරිඳද සෑම දිනම උදේට නැගිට කඩල, ඉදිආප්ප,රොටි ආදි කෑම වර්ග සාදා තම ස්වාමියාට නොදෙවෙනි ලෙස කටයුතු කර තම යුතුකම් ඉටු කිරීමට කැප විය. මෙසේ කැපවීමෙන් කටයුතු කර තම ව්‍යාපාරයක් ආරම්භ විය.දිනෙන් දින දියුණු වෙමින් ඉදිරියට සහ මෙම මනම්පේරි මුදලාලි මහතාට බාධක කරදර මෙන්ම උදව් උපකාර කල පිරිස්ද බො‍හෝය.

ඉදිරියට තැබු තම අඩිය ලෙහෙසියෙන්ම පසු පසට ගන්නා අයෙක් නොවන බව පසක් කරමින් මිද්දෙණිය නගරයේ ඉඩම් කොටසක් මුදලට ගෙන තට්ටු දෙකක ගොඩනැගිල්ලක් සාදා තව ව්‍යාපාරයක් ආරම්භ කල අතර පසුව තනමල්විල උඩවලව හතේ කණුව අසලද තව වෙ‍ෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදි.

මේ සෑම විටම ව්‍යාපාර ලෝකයේ ඉහලයාමට ජවය ශක්තිය ලබා දුන්නේ තම බිරිඳ බව මනම්පේරි මහතා අදටත් සිහිපත් කරයි.

ගලන ගඟ ඉදිරියට ගලනු ඇත.මේ වන විට මනම්පේරි මුදලාලි මහතාගේ ව්‍යාපාරයටද වාහන දෙක තුන එකතු වෙමින් ඉදිරියට යාමට පටන් ගෙන ඇත.මේ අතර ඩිලිවරි පටන් ගැනීම, වීරකැටිය ජයසිරි ග්‍රොසරිය ආදිය ආරම්භ විය

මෙතෙක් මිදදෙනිය නගරයට අඩුපාඩුව පැවති ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳ සැලක් ආරම්භ කර මනම්පේරි හාඩ්වෙයාර් ලෙසද ආරම්භ කර දියුණු තත්වයට පත් විය.පසුව මාතර නගරයේ සිව් මහල් ගොඩනැගිල්ලක් සාදා නිමි කර මුළු පළාතටම නොමැති තරම් විශාල ගොඩනැගිලි ද්‍රව්‍ය තොග හා සිල්ලර වෙළදාම ලෙස පවත්වාගෙන යයි.

ඉන් නොනැවතී මනම්පේරි මහතා තම ව්‍යාපාර හැකියාවන් දියුණු කරමින් ගාල්ල පෙට්ටිගල වත්තේ නව සිව් මහල් ගොඩනැගිල්ලක් සාදා මනම්පේරි බාත්වෙයාර් ලෙස ව්‍යාපාරයක් ආරම්භ කරන ලදි.

මේ අතර කෝපි කඩෙන් අගනුවරට යන්නට තිබූ සිහිනය සැබෑ කරමින් තවත් ගොඩනැගිලි ද්‍රව්‍ය ශාඛාවක් කොළඹ කොටහේනේ ආරම්භ කිරීමටද මෙතුමා පියවර ගත්තේය.

මේ අයුරින් තම ව්‍යාපාරික දිවි මගේ හිනිපෙත්තට නැගපු මෙතුමා අද වන විට මනම්පේරි හාඩ්වෙයාර්, මනම්පේරි බාත්වෙයාර්, මනම්පේරි ෆුඩ් සෙන්ටර්, මනම්පේරි ඉංජිනියරින්, මනම්පේරි හෝමි ලෑන්ඩ්, මනම්පේරි ඉම්පොර්ට්ස් ආදි වශයෙන් ව්‍යාපාර රාශියක් පවත්වාගෙන යමින් සෘජු රැකියා 500 අධික ප්‍රමාණයකට වක්‍ර රැකියා දහස් ගණනකට රැකියා අවස්ථා ලබා දී ඇත.

තමන් යටතේ සේවය කරන සේවකයින්ගේ සුභ සාධනය ගැන නිතරම සොයා බලා ඔවුනගේ සුභ සිද්ධිය සදහා කටයුතු කරන අතරට තම නිවසේ සිටින සේවිකාවන්ටද ගෙවල් දොරවල් තනා දී විවාහයන් සිදු කර ඔවුන්ගේ අනාගතය සොයා බැලීමට මෙම දෙපලගේ ගුණාංගයක් විය.

සෑම සාර්ථක මිනිසෙකු පිටුපස යහපත් ගැහැනියක් ඇත යන කියමන සනාථ කරමින් ඔහු ගත් හා ගන්නා සෑම ක්‍රියාදාමයක් පිටුපසම තම අයෝමය හස්තයක් වූයේ එදා දුටුගැමුණු රජතුමන් පිටිසප සිටි විහාරමහාදේවිය සේ සාමා මන්ම්පේරි නම් වූ අධිෂ්ඨානශිලි වීර්යවන්ත ගැහැණියයි.කෙසේ නමුත් සැබෑ බිරිඳක් යනු මවක්, ගුරුවරියක්, සහෝදරියක්, පෙම්වතියක්, යෙහෙළියක් ආදී බොහෝ චරිත ජිවත් වන පිලිඹිමුවකි. ඇය ඉවසිලිවන්තය.නිරහන්කාර කාන්තාවකි. තම ස්වාමියාගේ ව්‍යාපාර කටයුතු වලදි හැම විටම පෙරමුණ ගත්තේ ඇයයි. ඒ වගේම මනම්පේරි මහතාගේ අක්කාගේ පුතා වූ නීල් ලියනගේ මහතාත් සාමා මනම්පේරි මහත්මියගේ අයියාගේ දුව වූ නැලී වීරසිංහ මහත්මිය යන දෙපල කුඩා කල සිටම මනම්පේරි යුවලගේ සෙවනේ හැදි වැඩී මෙම ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීමට අසීමිත මෙහෙයක් ලබා දී ඇත.

මනම්පේරි යුවලගේ තම ව්‍යාපාර කටයුතු ඉදිරියට කර ගෙන යාමට තම පුතු වූ උපාලි මනම්පේරි මහතාගේ හා දුව වූ අශෝකා පද්මිණී මනම්පේරි මහත්මියත් බාල පුතු ප්‍රනීත් මනම්පේරි මහතාගේ ලද සේවය ඉමහත්ය.තම පියාගේ ව්‍යාපාරය පිළිබඳව මනම්පේරි සමූහ ව්‍යාපාරයේ කලමනාකාර අධ්‍යක්ෂ උපාලි මනම්පේරි මහතා මෙසේ පැවසීය.

තාත්තා ඉතා පොඩි තැනක ඉදලා තමයි මේ තතවයට ආවේ.තාත්තගේ ජිවිතය සරු කර ගැනීම සදහා තාත්තගේ පසුපස ඉදගෙන අම්මා ලබා දුන් සහයෝගය ඉතා ඉහලයි.අම්මයි තාත්තයි මම හිතන්නේ රේල් පාරයි කෝච්චියි වගේ.මේ දෙන්නා අතරේ පුදුමාකාර බැදීමක් තියෙන්නේ අම්මා ලඟ ස්වාමි ගෞරවය භක්තිය නිරතුරුවම පවතිනවා.

ඒ වගේම අම්මයි තාත්තයි දෙන්නම තම සේවකයින්ගේ, ඥතීන්ගේ ලෙඩේදි, දුකේදී සුවදුක් සොයා බැලීම ආදි කටයුතු සොයා බලනවා, අම්මයි තාත්තයි දෙන්නට වැඩ වැඩියි කියලා කොයි වෙලාවෙත් උදාසීන වෙලා නැහැ.

1985 ජනවාරි පලමුවෙනිදා තමයි මම මුලින්ම තාත්තගේ ව්‍යාපාර කටයුතු වලට එකතු වුණේ.එදා ඉදලා මේ දක්වා අවුරුදු 33 ක් තාත්ත සමඟ මා එකට වැඩ කලා.මේ වගේ දූර්දර්ශී, ප්‍රතිපත්ති ගරුක ව්‍යවසායකයකුගේ සෙවනේ හැදෙන්නට ලැබීම මා ලද භාග්‍යක් කියලා හිතෙනවා.

දුන් පොරොන්දු කිසිම දවසක තාත්තා කඩ කරන්නේ නැහැ, ගනුදෙනු කිරීමේදී තාත්තාගේ ප්‍රතිපත්තිය වන්නේ මිලදී ගනු ලබන භාණ්ඩ සදහා දින 10 ක් ඇතුළත ගණුදෙන් පියවීම අදටත් මේ ආයතනයේ ක්‍රියාත්මක වෙනවා මා කවදාවත් ව්‍යාපාරික කටයුතු වලදි මේ මගේ තාත්තා කියා හිතලා කටයුතු කලේ නැහැ.හැම විටම සිතුවේ මේ මගේ ප්‍රධානියා ලෙස හරි හෝ වැරදි ප්‍රධානියා කියන දේට මා පළමුවෙන්ම කීකරු වුණාÓ යැයි පැවසීය.

1941 අප්‍රේල් 25 උපත ලද දොන් බ්‍රම්පි විජේවිකුම මනම්පේරි මහතා මේ වන විට ගත වූ වසර 77 කාලය තඅල රටට ණය නැති පුදුගලයකු ලෙස දෙපයින් නැගී සිටිමට හැකි විය.එතුමාගේ අදහසට අනුව ව්‍යාපාරයක් පටන් ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය මුදල් නොවේ.ඒ සඳහා උවමනාව ආත්ම ශක්තිය හා කැපවීම තිබේනම් අනෙකුත් හැමදේම ලඟාකර ගැනීමට හැකි බව.නමුත් ආරම්භ කල ව්‍යාපාරය පවත්වා ගෙන යාම ඉතා අසීරු කාර්යයක් වේ.

 

ප්‍රභිත් විතානාච්චි

නව අදහස දක්වන්න