Eskimo Fashion Knitwear රන් සම්මාන තුන­කින් | දිනමිණ

Eskimo Fashion Knitwear රන් සම්මාන තුන­කින්

මෙරට ඇඟළුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ

ප්‍රමුඛතම නිෂ්පාදනාගාරයක් වන Eskimo Fashion Knitwear ජාතික තත්ත්ව සහ

ඵලදායිතා සම්මාන උළෙලදී රන් සම්මාන

තුනකින් සහ එක් ලෝකඩ සම්මානයකින් පිදුම් ලබයි. තත්ත්ව හා ඵලදායිතාව ඉහළ නැංවීමේ සංගමය (SLAAQP) විසින් සංවිධානය කළ සම්මාන උළෙල පසුගිය දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

Eskimo Fashion Knitwear හි සමස්ථ තත්ත්ව පරීක්ෂණ අංශය එහි දී සිය

නිෂ්පාදනයවල උසස් ප්‍රමිතිය හා ඵලදායිතාව ආරක්ෂා කිරීමට දක්වන කැපවීමේ විශිෂ්ටත්වය තහවුරු කරමින් රන් සම්මාන තුනක් සහ වැඩි දියුණු කිරීම් වෙනුවෙන් අනුගමනය කරන අඛණ්ඩ වැඩපිළිවෙළ සඳහා ලෝකඩ සම්මානයක් සමඟ සම්මාන හතරක් දිනා ගැනීමට සමත් විය.

නව අදහස දක්වන්න