IELTS Awards Night 2018 හිදී බ්‍රිතාන්‍ය කවු­න්සි­ලයේ හවු­ල්ක­රු­වන්ට සම්මාන | දිනමිණ

IELTS Awards Night 2018 හිදී බ්‍රිතාන්‍ය කවු­න්සි­ලයේ හවු­ල්ක­රු­වන්ට සම්මාන

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ IELTS Awards Night 2018 සම්මාන උළෙල පසුගිය දා සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පැවැත්විණි. 2010 වසරේ පටන් මෙරට ප්‍රමුඛතම IELTS පරීක්ෂණ මධ්‍යස්ථානය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මේ සම්මාන උළෙලේ අරමුණ වන්නේ රටපුරා විසිරී සිටින තම හවුල්කාර පාර්ශ්වයන් ඇගයීමට ලක්කිරීමය. ලොව පුරා විශ්ව විද්‍යාල, සමාගම්, ආගමන විගමන පාලන අධිකාරීන් සහ වෙනත් රාජ්‍ය ආයතන වල පිළිගැනීම හිමි IELTS (International English Language Testing System) පරීක්ෂණය ලොව උසස් අධ්‍යාපනය සහ විදේශ සංක්‍රමණය සඳහා ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව සම්බන්ධ ජනප්‍රියම සුදුසුකම ලෙස සැලකේ. ඇමරිකා එක්සත් ජනපදයද ඇතුළුව ලොව රටවල් 140 ක ආයතන හා සංවිධාන 10,000 කට වැඩි සංඛ්‍යාවක් මේ සුදුසුකම පිළිගන්නා අතර 2017 වසරේදී පමණක් ලොව පුරා IELTS පරීක්ෂණ මිලියන 3 කට අධික සංඛ්‍යාවක් පැවැත්විණි.

සම්මාන උළෙල ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ මෙරට අධ්‍යක්ෂිකා ජිල් කැල්ඩිකොට් මහත්මිය මෙසේ පැවැසුවාය. ,IELTS යනු බ්‍රිතාන්‍ය කවුන්සිලය මගින් පිරිනමනු ලබන ප්‍රමුඛතම සේවාවන්ගෙන් එකක්. ලොව පුරා ෂෑඛඔී සම්බන්ධයෙන් ඇති උනන්දුව පසුගිය වසරේ 11% කින් ඉහළ ගොස් තිබෙනවා. විදේශ අධ්‍යාපනය හා විදේශ රැකියාවන් අපේක්ෂා කරන පුද්ගලයන් ඇතුළුව විදේශ රටකට ගොස් තම සිහින සැබෑ කරගැනීම සඳහා උත්සාහ කරන සියලුම දෙනා වෙනුවෙන් මෙවැනි සේවාවක් පිරිනැමීමට හැකිවීම අපට මහත් සතුටක්.’

නව අදහස දක්වන්න