වේල්ලක් පිපිරී 50,000කට අධික පිරිසක් අවතැන් | දිනමිණ

වේල්ලක් පිපිරී 50,000කට අධික පිරිසක් අවතැන්

මියන්මාරයේ වේල්ලක් පුපුරා යාමෙන් පනස්දහසකට අධික පිරිසක් අවතැන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 
වේල්ල පුපුරා යාමෙන් මියන්මාරයේ ස්වාර් නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ. අවතැන් වූවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීමට එරට බලධාරීන් කඩිනම් පියවර ගෙන ඇත.
 
ස්වාර් නගරය ආසන්නයේ අනෙකුත් ගම්මානද ජලයෙන් යටවි ඇති බව වාර්තා වේ. 
 
අධිවේගී මාර්ගයක් ද ජලයෙන් යටවී ඇති අතර ගමනාගමන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.

අදහස් 2ක් ඇත

Mun karana pawwala prathwipaka.. Kahareddak porawagena loke rawatana heti

Mun karana pawwala prathwipaka.. Kahareddak porawagena loke rawatana heti

නව අදහස දක්වන්න