නවෝ­ත්පා­දන අභි­යෝ­ගය - 2018 | දිනමිණ

නවෝ­ත්පා­දන අභි­යෝ­ගය - 2018

විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍යංශයේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (UNDP) ඒකාබද්ධ වැඩසටහනක් වන ජාතික තරුණ සමාජ නවෝත්පාදන අභියෝගය ජාතික තරුණ සේවා සභාව (NYSC) සහ තොරතුරු, සන්නිවේදන සහ තාක්‍ෂණික නියෝජිතායතනය (ICTA) සමඟ එක්ව මේ වසරේ ජූනි මාසයේදී දියත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමේ දැක්ම සපුරා ගැනීම සඳහා සහ ජාතික මට්ටමෙන් තිරසර සංවර්ධන අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා තාරුණ්‍යය මුල් තැනෙහි පිහිටුවමින්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් අත්හදා බලා සාර්ථක වී ඇති සමාජ නව්‍යකරණ ක්‍රමෝපායක් වන හැකඩෙව් වැඩසටහන තව දුරටත් වැඩිදියුණු කරනු ඇත. වැඩසටහන සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගත් පසු, එහි මූලික පියවර 2017 අග භාගයේදී ක්‍රියාත්මක කරන ලද අතර, ඒ අනුව, ජාතික තරුණ මෘදුකාංග තරගාවලිය සඳහා ඉල්ලුම්පත් කැඳවන ලදී. බදුල්ල, මාතර සහ යාපනයේදී පවත්වන ලද පර්ෂද තුනකට අයත් හැකඩෙව් (HackaDev) වැඩසටහන් සඳහා නව්‍යකරණ කන්ඩායම් 45ක් සහභාගී වූහ. ඉන් අනතුරුව ඒ අතුරින් ජයග්‍රහණය කරන ලද කණ්ඩායම් 9ක් කොළඹදී ඉන්ක්‍යුබේෂන් (incubation) පළමු පියවරට සහභාගී වූ අතර ඔවුන් සිය ආකල්පයන් තව දුරටත් සංවර්ධනය කර ක්‍රියාත්මක කිරීම සඳහා අංකුර මුල්‍යාධාරයන් ලබාගත්හ.

නව අදහස දක්වන්න