ලෝක වෙළෙඳ සංවිධානයට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීමක් | දිනමිණ

ලෝක වෙළෙඳ සංවිධානයට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීමක්

ලෝක වෙළද සංවිධානය අමෙරිකාව සමග කටයුතු කරන ආකාරයේ වෙනසක් සිදු නොකලහොත් තමන් එම සංවිධානයෙන් ඉවත් වන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අගවා සිටියි. 
 
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ  ඔහුගේ මෙම අනතුරු ඇගවීම විවෘත වෙළෙද පද්ධතිය තුළ ගැටුම් ඉස්මතු විය හැකි බවයි.
 
ලෝක වෙළෙද සංවිධානය පිහිටුවා ඇත්තේ ගෝලීය වෙළෙදාම සදහා නීති සම්පාදනය කිරීමට රටවල් අතර ගැටුම් නිරාකරණය කිරීම සදහා ය.
 
එසේම FBI සංවිධානය සහ එරට අධිකරණ දෙපාර්තමේන්තුව තම කාර්ය නිවැරදිව ඉටු නොකළ හොත් තමන් ඒ සදහා මැදිහත්ව කටයුතු කරන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

නව අදහස දක්වන්න