සැමට ඊ-හෙල්ත් කාඩ් | දිනමිණ

සැමට ඊ-හෙල්ත් කාඩ්

සන්ධ්‍යා කරුණාරත්න

මෙරට සියලුම ජනතාවට ඊ - හෙල්ත් කාඩ්පත ඉදිරි මාස නවය තුළදී ලබාදීමට රජය තීරණය කරයි.

ඉදිරි මාස හතර තුළදී රට පුරා පිහිටි සියලුම රෝහල් ඊ - හෙල්ත් ව්‍යාපෘතියට ඇතුළත් කරන බවත් විදේශීය සමාගමක් ඒ සඳහා ආයෝජනය කර ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ මිලියන 40ක් වූ ජනතාවට ඊ - හෙල්ත් කාඩ්පත් ලබා දුන් සමාගම විසින් මෙරට ජනතාවට ද එම කාඩ්පත් ලබාදීමට එකඟතාව පළ කර ඇතැයි ඇමැතිවරයා පැවැසුවේය.

මේ කාඩ්පත ජනතාවට ලබාදීමෙන් පසුව රෝගීන්ගේ විස්තර ඇතුළත් ෆයිල් කවර භාවිත නොකර පරිගණකගත කළ විස්තර භාවිතයට ගැනීම සිදු කරන බවත් තාක්ෂණයේ දියුණුවත් සමඟ වන සංවර්ධනයට සමගාමීව නවීන තාක්ෂණය භාවිත කළ යුතු බවත් ඇමැතිවරයා කීය.

වසර 2030 වන විට ජාන තාක්ෂණය වෛද්‍ය විද්‍යාව ලොව පුරා ව්‍යාප්ත වන්නේ යැයි ද, අමෙරිකාවේ මේ වන විටත් එම තාක්ෂණය ව්‍යාප්තව ඇත්තේ යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

අදහස් 1ක් ඇත

දවල් හීන. අපි නම් හැමදාම සල්ලි වලට තමයි බෙහෙත්, ප්‍රතිකාර, පර්‍රක්ෂණ කර ගත්තේ. ඔහෙලාගේ ඊ කාඩ් එනකොට අපි අපේ රටේ.

නව අදහස දක්වන්න