වී අලෙවි මණ්ඩලය ගොවියකුගෙන් ගන්නා වී කිලෝ 1000කින් වැඩි කරයි | දිනමිණ

වී අලෙවි මණ්ඩලය ගොවියකුගෙන් ගන්නා වී කිලෝ 1000කින් වැඩි කරයි

මානෙල් පුෂ්ප කුමාරි

වී අලෙවි මණ්ඩලය විසින් එක් ගොවි මහතකුගෙන් මිල දී ගන්නා වී ප්‍රමාණය තව කිලෝ ග්‍රෑම් 1000 කින් වැඩි කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

වී අලෙවි මණ්ඩලය විසින් මෙතෙක් යල කන්නයේ එක් ගොවි මහතකුගෙන් මිල දී ගන්නා වී ප්‍රමාණය කිලෝග්‍රෑම් 2000 කි. නමුත් එම ප්‍රමාණය තවත් කිලෝග්‍රෑම් 1000 කින් ඉහළ නංවා වී කිලෝග්‍රෑම් 3000ක් වශයෙන් මිල දී ගැනීමට ආණ්ඩුව විසින් තීරණය කළ බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (31) තීරණය කළේය. ඊයේ පෙරවරුවේ අම්බලන්තොට වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා නිරීක්ෂණය කළ ඇමැතිවරයා මේ බව ප්‍රකාශයට පත් කළේය. වී අලෙවි මණ්ඩලය විසින් මේ වනවිට සම්බා කිලෝග්‍රෑම් 01ක් රුපියල් 41 කට සහ නාඩු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 38 වශයෙන් සහතික මිලක් යටතේ මිල දී ගැනීම සිදු කරයි.

වී අස්වනු මිල දී ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති අතර, යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා ආණ්ඩුව විසින් රුපියල් මිලියන 4998ක මුදලක් වෙන් කර තිබේ. මේ අවස්ථාවට වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතීඥ උපාලි මොහොට්ටි මහතා ද සහභාගී විය.

නව අදහස දක්වන්න