සීතල යුද්ධයෙන් පසු විශාලම යුද අභ්‍යාසයට රුසියාව සූදානම් වෙයි | දිනමිණ

සීතල යුද්ධයෙන් පසු විශාලම යුද අභ්‍යාසයට රුසියාව සූදානම් වෙයි

සීතල යුද්ධයෙන් පසු විශාලතම යුද අභ්‍යාසය පැවැත්වීමට රුසියාව සූදානම් වෙයි. ඒ ලබන මස 11වැනිදා සිට 15 වැනි දා දක්වා රුසියාවේ සයිබීරියාවේදීය. Vostok 2018 නමැති මේ යුද අභ්‍යාසය පැවැත්වෙන්නේ 1981 වසරින් පසු පැවැත්වෙන විශාලතම යුද අභ්‍යාසය ලෙසිනි.

මේ යුද අභ්‍යාසය පෙරදිග කලාපයේ දී පැවැත්වෙන බව රුසියානු ජාතිකාරක්ෂක ඇමැති සර්ජි ෂොයුගු මහතා මධ්‍යම හමුදා බල ප්‍රදේශයේ නිරීක්ෂණය කළ අවස්ථාවේදී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

1981 වසරේ පැවති අපරදිග 1981නමැති යුද අභ්‍යාසය අවසන් වීමෙන් පසු රුසියාව පවත්වා ඇති විශාලතම යුද අභ්‍යාසය මෙයයි.මෙයට එක් වන භටයන් සංඛ්‍යාව 3 ලක්ෂයක් ඉක්මවයි. එමෙන්ම වාහන 36 දහසක් සහ ගුවන් යානා 1000ක් පමණ මෙයට එක් කෙරෙනු ඇත.

මෙහිදී චීනය ද විශාල සහයෝගයක් ලබා දෙන බව වාර්තා වේ.

නව අදහස දක්වන්න