බිම්ස්ටෙක් ‘නිල්’ ‘කඳු’ ආර්ථි­ක­යක අස­ල්වැ­සියෝ | දිනමිණ

බිම්ස්ටෙක් ‘නිල්’ ‘කඳු’ ආර්ථි­ක­යක අස­ල්වැ­සියෝ

ධම්මික සෙනෙවිරත්න

බිම්ස්ටෙක් එක­තු­වට ප්‍රඥ­ප්ති­යක් කෙටු­ම්පත් කිරීම කෙරෙ­හිද අව­ධා­නය යොමුව ඇත. එහි ආය­ත­නික පද­නම ගොඩ­නැ­ඟීම දැනට සාක­ච්ඡා­වට ලක්ව ඇති මාතෘ­කා­වකි. බිම්ස්ටෙක් ලේකම් කාර්යා­ලය ස්ථාපි­තව ඇත්තේ බංග්ලාදේශයේ ඩකා අග­නු­වර ය.

බහු ආංශික තාක්ෂ­ණික හා ආර්ථික සහ­යෝ­ගි­තාව සඳහා බෙංගාල බොක්ක ප්‍රවේ­ශය හෙවත් බිම්ස්ටෙක් (BIMSTEC) හි සිව්වැනි සමු­ළුව නේපා­ලයේ කත්මණ්ඩු නුව­රදී ඊයේ නිමා­වට පත්විය. එය දෙදි­නක් පුරා පැවැ­ත්විණි. එහි වත්මන් සත්කා­ර­ක­ත්වය නේපා­ල­යට හිමිව තිබීම නිසා සමු­ළුවේ සභා­පති වශ­යෙන් නේපාල අග­මැති කේ. පී. ඔලි මහතා කට­යුතු කළේය. බෙංගාල බොක්ක ආශ්‍රිත දකුණු හා අග්නි­දිග ආසි­යා­තික රට­වල් 7ක් වන බංග්ලා­දේ­ශය, ඉන්දි­යාව, භූතා­නය, මිය­න්මා­රය, නේපා­ලය, ශ්‍රී ලංකාව හා ‘තායි­ල­න්තය’ එහි සාමා­ජි­ක­යන්ය. මෙවර සමු­ළු­වට රාජ්‍ය නාය­කයෝ හත් දෙනාම සහ­භා­ගි වී සිටි­යහ. සමු­ළු­වට සම­ගා­මීව ඔවු­නො­වුන් අතර ද්විපා­ර්ශ්වික සාකච්ඡා ද සිදු­විය. එමෙන්ම නේපාල ජනා­ධි­ප­තිනි විද්‍යා දේවි බන්දාරි ද හමු­විය. සමු­ළුව සඳහා සහ­භා­ගි වූ රාජ්‍ය නාය­ක­යන් සහ ආණ්ඩු ප්‍රධා­නීන් හර­ස­රින් පිළි­ගැ­නී­මට නේපා­ලය කට­යුතු කර තිබිණි.

කලාපීය අභියෝග

බිම්ස්ටෙක් සාමා­ජික රට­වල සමස්ත ජන­ග­හ­නය බිලි­යන 1.5ක් පමණ වේ. එය ලෝක ජන­ග­හ­න­යෙන් 21%කි. එමෙන්ම සමස්ත දළ ජාතික නිෂ්පා­ද­නය ඇ. ඩොලර් ට්‍රිලි­යන 2.5ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. (2014), එම ජන­ග­හ­න­යෙන් 65%ක් පමණ නියෝ­ජ­නය කරන ඉන්දි­යාව සමුළු දාය­ක­ත්ව­යෙන් වැඩි කොටස එනම් 33%ක් පමණ සප­යයි.

මෙවර සමු­ළු­වේදී ද වෙළෙ­ඳාම, ආර­ක්ෂාව හා සංව­ර්ධ­නය ආදී මාතෘකා ඔස්සේ කලා­ප­යක් ලෙස එක්ව අත්ක­ර­ගත යුතු ජය­ග්‍ර­හණ මෙන්ම එහිදී මුහුණ පෑමට සිදුව ඇති අභි­යෝග ද අව­ධා­න­යට ලක්විය. සමු­ළු­වට සහ­භාගි වීමට පිටත්ව යාමට පෙර­දීම ඉන්දීය අග්‍රා­මාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබුණේ තම සහ­භා­ගි­ත්වය මඟින් ඉන්දි­යාව අස­ල්වැසි, රාජ්‍ය සමඟ සබ­ඳතා ශක්ති­මත් කර­ගැ­නී­මට මූලි­ක­ත්වය දීම පිළි­බි­ඹු­වන බවය.

“සාම­කාමී” සමෘ­ද්ධි­මත් මෙන්ම තිර­සාර බෙංගාල බොක්ක ආශ්‍රිත කලා­ප­යක්” යන්න මෙවර සමු­ළුවේ තේමා­වය. එහි පර­මාර්ථ සාධ­නය කර ගැනීම වෙනු­වෙන් බිම්ස්ටෙක් එක­තුව ප්‍රමු­ඛතා 14ක් ක්‍රියා­ත්මක වේ. එනම්, ප්‍රවා­හ­නය හා සන්නි­වේ­ද­නය, සංචා­රක, ත්‍රස්ත­වා­ද­යට එරෙ­හිව ක්‍රියා­කි­රීම හා රට­වල් අතර අප­රාධ, බල­ශ­ක්තිය, සෞඛ්‍ය, කෘෂි­ක­ර්මය, වෙළෙ­ඳාම හා ආයෝ­ජන, තාක්ෂ­ණය, ධීවර, දිළි­ඳු­කම පිටු­දැ­කීම, කලා­පයේ ජන­තාව අතර සම්බ­න්ධතා, දේශ­ගු­ණික විප­ර්යාස හා සංස්කෘ­තික සහ­යෝ­ගි­තාව යනු­වෙනි. එම ප්‍රමු­ඛතා ක්‍රියා­වට නැංවී­මේදී ඒ, ඒ. රට­ව­ලට නාය­ක­ත්වය පවරා ඇත. ශ්‍රී ලංකා­වට වග­කීම් පැවැරී ඇත්තේ තාක්ෂණ ක්ෂේත්‍ර­යෙනි.

සමු­ළුව අම­ත­මින් නේපාල අග­මැති කේ. ජී. ඔලි අව­ධා­ර­ණය කළේ, දේශ­ගු­ණික විප­ර්යාස, ධර­ණීය සංව­ර්ධන ඉලක්ක සපුරා ගැනීම, කලා­පයේ ජන­තාව අතර සම්බ­න්ධතා ගොඩ­නැ­ඟීම ආදී කාරණා සම්බ­න්ධ­යෙන් ක්‍රියා­කි­රී­මේදී සමු­ළුව අති­ශ­යින්ම ඵල­දා­යක බවය. එම­ඟින් හඳු­නා­ගෙන ඇති ප්‍රමු­ඛතා 14ට අම­ත­රව තවත් ප්‍රමු­ඛතා දෙකක් කෙරෙහි මෙවර සමු­ළුවේ අව­ධා­නය යොමු විය. ඒ නිල් ආර්ථි­කය (BLUE ECONOMY) හා කඳු­කර ආර්ථි­ක­යයි. (MOUNTAIN ECONOMY) බිම්ස්ටෙක් රට­වල් ආව­ර­ණය වන පරිදි නිද­හස් වෙළෙඳ සම්මු­ති­යත් (FTA) ක්‍රියා­ත්මක කිරීම තව­මත් සාකච්ඡා මට්ටමේ පවතී. රේගු සහ­යෝ­ගිතා සම්මු­ති­යක් සහ මෝටර් රථ වාහන සම්මු­ති­යන්ද එලෙස සාකච්ඡා වෙමින් ඇත.

ඉන්දි­යාවේ පෙර­දිග ප්‍රති­ප­ත්තිය සහ පළ­මුව අස­ල්වැසි රාජ්‍ය යන ප්‍රති­ප­ත්තිය හේතු­වෙන් බිම්ස්ටෙක්, ඉන්දි­යා­වට වඩාත් වැද­ගත්ය. එම ප්‍රති­පත්ති ක්‍රියා­වට නැංවී­මේදී දකුණු ආසි­යාව සහ අග්නි­දිග ආසි­යාව අතර පාලම වශ­යෙන් ක්‍රියා කරන්නේ ඊසාන දිග ආසි­යා­තික රට­වල්ය. බිම්ස්ටෙක් ප්‍රමු­ඛතා 14න් ත්‍රස්ත­වා­ද­යට එරෙ­හිව ක්‍රියා­ත්ම­ක­වීම, රට­වල් අතර අප­රාධ, ප්‍රවා­හ­නය හා සන්නි­වේ­ද­නය සංචා­රක, පරි­සර හා ආපදා කළ­ම­නා­ක­ර­ණය ප්‍රමු­ඛතා සම්බ­න්ධ­යෙන් නාය­ක­ත්වය ලබා­දෙ­මින් සිටින්නේ ද ඉන්දි­යා­වයි.

බෙංගාල බොක්ක ආශ්‍රිත කලා­පයේ ජන­තා­වගේ ආර්ථික සමෘ­ද්ධිය, මාර්ග ජාලය පුළු­ල්කි­රීම, දේශ­ගු­ණික විප­ර්යාස, ධර­ණීය සංව­ර්ධ­නය ආදී මාතෘ­කා­ව­ලට අම­ත­රව බෞද්ධ කේන්ද්‍ර­යක් ( Buddhiscircuit) ගොඩ­නැ­ඟීම කෙරෙ­හිද මෙවර අව­ධා­නය යොමුවී ඇති බව නේපාල අග්‍රා­මා­ත්‍ය­ව­රයා ප්‍රකාශ කර තිබිණි.

සංස්කෘ­තික බැඳීම්

බෙංගාල බොක්ක ආශ්‍රිත කලා­පයේ රට­වල් අතර ඓති­හා­සික වශ­යෙන් ම පව­තින සංස්කෘ­තික බැඳීම්ද එම සහ­යෝ­ගි­තාව පෙරට ගෙන යාමේදී ඵල­දා­යක ලෙස බල­පාන්නා වූ සාධ­ක­යකි. එය බිම්ස්ටෙක් නාය­ක­යන්ගේ ද අව­ධා­න­යට ලක්වූ කාර­ණ­යකි. එය එම ජන­තාව අතර සම්බ­න්ධතා වර්ධ­නය කිරී­මේදී ද බෙහෙ­වින් ප්‍රයෝ­ජ­න­වත්ය. මේ කාරණා ඉන්දීය අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාද මතු­කර දැක්වීය. ත්‍රස්ත­වා­ද­යට එරෙ­හිව ක්‍රියා කිරීම හා මත්ද්‍රව්‍ය ජාවා­රම වැළැ­ක්වී­මද අව­ධා­න­යට ලක්වූ ප්‍රමු­ඛතා අතර විය. කලා­ප­යක් ලෙස එක්ව ක්‍රියා­කි­රීම එම අභි­යෝ­ග­යන්ට මුහු­ණ­දී­මේදී අති­ශ­යින් වැද­ගත් බව නාය­කයෝ තේරු­ම්ගෙන සිටිති. බොහෝ­දු­රට බිම්ස්ටෙක් රට­ව­ලට ඇති අභි­යෝග පොදුය. ඒවාට තනි­ත­නිව විසැ­ඳුම් සෙවී­මට වඩා එක්ව විසැ­ඳුම් සෙවීම වඩාත් ප්‍රායෝ­ගි­කය.

නාලන්දා සර­ස­වියේ බෙංගාල බොක්ක අධ්‍ය­යන කේන්ද්‍ර­යක් ස්ථාපිත කරන බවට මෙවර සමු­ළු­වේදී ඉන්දීය අග­මැති මෝදි පොරොන්දු විය. එම­ඟින් කලා­පයේ රට­වල කලා, සංස්කෘ­තික, සමු­ද්‍රීය නීතිය ආදී කරුණු පිළි­බඳ පර්යේ­ෂණ කිරී­මට ඉඩ සැළැ­සීම අර­මු­ණය. ඒ සඳහා පර්යේ­ෂ­ක­යන්ට ශිෂ්‍යත්ව ද ලබා­දී­මට නිය­මි­තව තිබේ.

බිම්ස්ටෙක් එක­තු­වට ප්‍රඥ­ප්ති­යක් කෙටු­ම්පත් කිරීම කෙරෙ­හිද අව­ධා­නය යොමුව ඇත. එහි ආය­ත­නික පද­නම ගොඩ­නැ­ඟීම දැනට සාක­ච්ඡා­වට ලක්ව ඇති මාතෘ­කා­වකි. බිම්ස්ටෙක් ලේකම් කාර්යා­ලය ස්ථාපි­තව ඇත්තේ බංග්ලා දේශයේ ඩකා අග­නු­වර ය. එහි වත්මන් මහ­ලේ­කම් ධුරය දරන්නේ තානා­පති ෂහි­දුල් ඉස්ලාම්ය.

නායක හමු­වට පෙර, ඉකුත් 29 වැනිදා බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීම පැවැ­ත්විණි. ඊට සහ­භා­ගි­වූයේ එම රට­වල විදේශ අමා­ත්‍ය­වරු ඇතුළු නියෝ­ජි­ත­යන්ය. 28 වැනිදා නිල­ධාරි මට්ටමේ රැස්වීම පැවැ­ත්විණි. 30 – 31 දෙදින තුළ පැවැති රාජ්‍ය නායක සමු­ළුව පසු­ත­ලය සැකැ­සීම සිට පූර්ව සාකච්ඡා හා රැස්වී­ම්ව­ලදී සිදු­විය.

බිම්ස්ටෙක් සභා­ප­ති­ත්වය හිමි­වන්නේ සාමා­ජික රට­වල අකා­රාදී අනු පිළි­වෙ­ළිනි. ඒ අනුව ඊළඟ සභා­ප­ති­ත්වය පැවැ­රුණේ ශ්‍රී ලංකා­ව­ටය. එහි ඊළඟ සමුළු සභා­ප­ති­ත්වය ශ්‍රී ලංකා ජනා­ධි­ප­ති­ව­රයා විසින් හොබ­වනු ඇත. එම කාල සීමාව තුළ බිම්ස්ටෙක් පර­මාර්ථ සාධ­නය කර­ගැ­නී­මට සෑම සහා­යක්ම ලබා­දෙන බව ඉන්දීය අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාද දෙරටේ නාය­ක­යන් අතර පැවැති ද්විපා­ර්ශ්වික සාක­ච්ඡා­ව­ලදී පවසා තිබිණි.

සමු­ළුව අව­සන නිකුත්වු “කත්මණ්ඩු ප්‍රකා­ශ­නය” මඟින් ඉදිරි වසර කිහි­පය තුළ බිම්ස්ටෙක්’ ක්‍රියා­කා­රී­ත්ව­යද පැහැ­දිලි වනු ඇත. එමෙන්ම එය එම ක්‍රියා­මා­ර්ග­ව­ලට අදාළ ප්‍රති­ප­ත්ති­මය රාමු­වක් ලෙසද වැද­ගත්ය. මෙවර සමු­ළු­වේදී ඇති­ක­ර­ගත් එක­ඟතා මෙන්ම යෝජිත ව්‍යාපෘ­තීන් ක්‍රියා­වට නැංවීම ඉදිරි වසර කිහි­පය තුළ එය ඉදි­රි­පිට ඇති මූලික වග­කී­මය.

ආර්ථික ප්‍රවේශය

මෙම එක­තුව ‘බිම්ස්ටෙක්’(BISTEC)යනු­වෙන් මුලින්ම ඇරැ­ඹුණේ 1997 දී, බැංකොක් නුව­ර­දීය. ඒ වන­විට මිය­න්මා­රය නේපා­ලය හා භූතා­නය එහි සාමා­ජි­ක­ත්වය ලබා තිබුණේ නැත. මිය­න්මා­රය 1998 දී සාමා­ජි­ක­ත්වය ලබා­ගැ­නී­මත් සමඟ එම එක­තුව ‘බිම්ස්ටෙක්’ බවට පත්විය. නිරී­ක්ෂ­ක­යන් වශ­යෙන් සිටි නේපා­ලය හා භූතා­නය 2004 දී එහි සාමා­ජි­ක­ත්වය ලබා­ගැ­නී­මත් සමඟ එය වර්ත­මා­නයේ පව­තින එක­තුව දක්වා පුළුල් විය. සාමා­ජික රට­වල නාම­යන් අනුව බිම්ස්ටෙක් අරු­ත්ගැ­න්වීම වෙනු­වට එය “බහු ආංගික තාක්ෂ­ණික හා ආර්ථික සහ­යෝ­ගි­තාව සඳහා බෙංගාල බොක්ක ප්‍රවේ­ශය” යනු­වෙන් හැඳි­න්වී­මට පටන් ගත්තේ 2004 දී පටන්ය.

නව අදහස දක්වන්න