දැන් ව්‍යවස්ථාව වෙනස් කරලා සීල් තියලා තියෙන්නේ- ඇමති වජිර | දිනමිණ

දැන් ව්‍යවස්ථාව වෙනස් කරලා සීල් තියලා තියෙන්නේ- ඇමති වජිර

“ අපේ ඇතැම් දේශපලාකයන් මහජනතාව දෙන බලය අරගෙන ගිහින් තැන් තැන්වල උගස් කරන්න හදනවා. ජනතාවටත් දේශපාලකයන්ටත් මේ රටේ දේශපාලනය ගැන ලොකු දැනුමක් නැති නිසා තමයිමෙහෙම වෙන්නේ . ඒ් නිසා අපි දේහපාලනයේ විනය හදන්න අවශ්‍යයි. ඒ සඳහා අපි බලයට පත්වූ වහාම ව්‍යවස්ථාව වෙනස් කළා. ” යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (01) ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ කරන්දෙණිය හා අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ඉදිකරන ලද ”නිල සෙවණ” කාර්යාල හතක් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිණි.

එක් ”නිල සෙවණ” කාර්යාලයකට රුපියල් ලක්ෂ 20 බැගින් කාර්යාල හත සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වැය කළ මුදල රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයකි.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

” දැන් අපි ව්‍යවස්ථාව වෙනස් කරලා තියෙන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කළේ පෙර අත්දැකීම් අනුව. ඒක වෙනස් කරලා සීල් තියලා තියෙන්නේ. කිසිවක් සිදුවෙන්නේ නැහැ. කිසි වැරැද්දක් වෙලා නැහැ. අදාල කාර්යය නිසි පරිදි කරලා තියෙනවා. මේ රටේ පුරවැසියෙකුට දෙපාරකට වඩා ජනාධිපපතිවරණයකට ඉදිරිපත් වෙන්න අවස්ථාවක් නැහැ. අපි ආණ්ඩුවක් හැටියට වැඩිම අවධානනයක් යොමු කරලා තියෙන්නේ රටේ සහ දේශපාලනයේ විනය හදන්න. විනයක් නැතිව වැඩ කරන්න අවස්ථාව දීලා තිබුණා. අපි ඒ්වා වෙනස් කළා. මහජනතාව කතිරයක් ගහලා බලය දුන්නාම ඒ් කතිරය වෙන වෙන තැන්වලට උගස් කරන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. පරණ ව්‍යවස්ථාව නෙවෙයි දැන් තියෙන්නේ. දැන් අපිට පළාත් සභා ඡන්දයට යන්න තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ රටේ බලසන්නම ජනාධිපපතිවරයා හෝ අගමැතිවරයා හෝ අධිකරණය හෝ නෙවෙයි ජනතාවයි. මේ ජනතාව යම් පරමාර්ථයක් ඇතිව ඡන්දය ලබාදුන්නාම දේශපාලකයන් විනයක් ඇතිව එය භාවිතා කළ යුතුයි. ජනතාවට සේවය කළ යුතුයි. “

නව අදහස දක්වන්න