ශ්‍රී ලංකා-නේපාල ජනාධිපතිවරු හමුවෙති | දිනමිණ

ශ්‍රී ලංකා-නේපාල ජනාධිපතිවරු හමුවෙති

බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගිවීමට නේපාලයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවි භණ්ඩාරි මහත්මිය අතර නිල හමුව පෙරේදා (01) පස්වරුවේ සිදු වූ අවස්ථාව.

නේපාලයේ ජනාධිපති මන්දිරය වන ශිතල් නිවාස් වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී නේපාල ජනාධිපතිනිය විසින් ඉතා සුහදශීලීව පිළිගනු ලැබුවාය.

ජනාධිපතිවරයාගේ නේපාල සංචාරය පිළිබඳ මෙහි දී සිය සතුට පළ කළ ජනාධිපතිනිය දෙරට අතර පවතින ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික බැඳීම පමණක් නොව ඉතා ඈත අතීතයකට දිවයන හෘදයාංගම සබඳතාව ද සිහිපත් කළාය.

නව අදහස දක්වන්න