ක ට ට ර ස ට‍ - කෑ ම හ ද මු කැරට් සුප් | දිනමිණ

ක ට ට ර ස ට‍ - කෑ ම හ ද මු කැරට් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය:

කැරට් ග්‍රෑම් 250යි

ඔලිව් තෙල් ස්වල්පයයි

චොප් කරගත් ලූණු ගෙඩි 02යි

ලියාගත් සැල්දිරි ගස් 02යි

කුකුල් මස් තැම්බූ ස්ටොක් එකක්

වීපින් ක්‍රීම් මිලි ලීටර් 100යි

ලූණු මල් අවශ්‍ය පමණ

 

සාදන ක්‍රමය :

මුලින් ම බඳුනක් ළිප තබා, ඔලිව් තෙල් රත් වෙන්න තබන්න. තෙල් රත් වූ පසු කැරට්, ලූණු, සැල්දිරි එක් කර විනාඩි 6ක් 7ක් පමණ මඳ ගින්නේ තෙම්පරාදු කරන්න. පසුව එයට චිකන් ස්ටොක් එක( කුකුල් මස් තම්බූ වතුර) එක් කරන්න. විනාඩි 25ක් පමණ එම ස්ටොක් එකේ කැරට් ත‍ැම්බෙන්නට තබන්න. හොඳින් තැම්බුණු පසු ළිපෙන් බාගෙන වීපින් ක්‍රීම් ක්‍රීම් මිලි ලීටර් 100 එක්කරන්න. ලියාගත් ලූණු මල්ද එක්කොට සරසා, පිළිගන්වන්න.

උපදෙස් - පානදුර තරුණ සේවා සභාවේ කේක් සහ කේක් ආකෘති සෑදීම පිළිබඳ උපදේශිකා සුජාතා ජයරත්න

 කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න