ගෞරව නාමයෙන් පිදුම් ලබන හාල්දඬුවන පඤ්ඤාසෝම නාහිමි | දිනමිණ

ගෞරව නාමයෙන් පිදුම් ලබන හාල්දඬුවන පඤ්ඤාසෝම නාහිමි

නාත්තන්ඩිය පිළාකටුමුල්ල ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානය, සාගරගම ශ්‍රී සාගරාරාමය, ඉරණවිල ශ්‍රී බෝධිරුක්ඛාරාමය යන විහාරත්‍රයාධිපති විශ්‍රාමලත් පරිවේණාධිපති, නාත්තන්ඩිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී හාල්දඬුවන පඤ්ඤාසෝම නාහිමි වෙත විනයාචාර්ය සද්ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤානන්ද පඤ්ඤාසෝභිධාන යන ගෞරව නාම සම්මුතිය සහිත පුත්තලම - හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය මහනුවර උපෝෂිත ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මහා නායක මාහිමි ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව මඟින් පිරිනමා ඇත.

අභිනව නාහිමි පිළිගැනීමේ උත්සවයක් සැප්තැම්බර් 22 වෙනි දින පස්වරු 2.30ට නියංගොඩ විජිතසිරි අනුනාහිමි ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිළාකටුමුල්ල ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වේ.

මාදම්පේ සමූහඒ. පී. ගුණරත්න

නව අදහස දක්වන්න