වැරැදි කරන දුම්රිය රියැදුරන්ට වැඩ වරදී | දිනමිණ

වැරැදි කරන දුම්රිය රියැදුරන්ට වැඩ වරදී

සමන්මලී ප්‍රියශාන්ති

නොසැළකිලිමත්ව හා අපරික්ෂාකාරීව දුම්රිය ධාවනය කරන රියැදුරන්ට එරෙහිව ඉදිරියේ දී දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. බස් රථ රියැදුරන්ට මෙම නීතිය ක්‍රියාත්මක කළ ද දුම්රිය ඉතිහාසයේ මේ දක්වා දුම්රිය රියැදුරන්ට මෙම නීතිය ක්‍රියාත්මක නොවූ බව පැවසූ ඇමැතිවරයා, වර්තමානයේ දී සිදු වන දුම්රිය අනතුරු දෙස බැලූ විට දුම්රිය රියැදුරන් සම්බන්ධව මෙම නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇති බව ද අවධාරණය කළේය.

අපරීක්ෂාකාරී ලෙස ධාවනය කිරීම සම්බන්ධ නීතිය දුම්රිය රියැදුරන්ට ද වලංගුවන නමුත් මේ දක්වා කිසිම අයකු දුම්රිය රියැදුරන්ට ඒ සම්බන්ධයෙන් නඩුවක් දමා නැති බව පැවසූ ඇමැතිවරයා එම නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි නව දුම්රිය සාමාන්‍යාධිකාරී දිලන්ත ප්‍රනාන්දු මහතාට පැවසීය.

දුම්රිය නවීකරණය කටයුතු සිදු කරමින් දුම්රිය මඟින්ට යහපත් හා ශක්තිමත් මහජන සේවයක් සැලසීම වෙනුවෙන් කටයුතු කරන මේ අවස්ථාවේ දී දුම්රිය සේවය සම්බන්ධයෙන් ගිලිහී යන ජනතා විශ්වාසය රැක ගැනීමේ අරමුණෙන් මෙවැනි දේ සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ගත යුතු බව ද හෙතෙම කියා සිටියේය.

නව දුම්රිය සමාන්‍යාධිකාරීවරයා ලෙස පත් වූ දිලන්ත ප්‍රනාන්දු මහතා රාජකාරී ආරම්භ කිරීම නිමිත්තෙන් දුම්රිය මූලස්ථානයේ පැවැති උත්සවයේ දී ඊයේ (3) ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

නව අදහස දක්වන්න