අභ්‍යවකාශ මධ්‍යස්ථානයක වායු කාන්දුව වසා දමයි | දිනමිණ

අභ්‍යවකාශ මධ්‍යස්ථානයක වායු කාන්දුව වසා දමයි

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇති වී තිබෙන වායු කාන්දුවක් වසා දැමීමට එහි ගගනගාමීන් කටයුතු කර ඇත. අභ්‍යවකාශය හරහා අධික වේගයකින් ඇදී ආ පාෂාණමය කැබැල්ලක් ගැටීමෙන් සිදු වූ හානියක් හේතුවෙන් මේ කාන්දුව සිදු වූ බවට විශ්වාස කෙරේ. වහා එම සිදුර වසා දැමීමට පියවර ගත් අතර මීට වඩා සවිමත් අලුත්වැඩියාවක් අවශ්‍යද යන්න සම්බන්ධයෙන් පෘථිවියේ සිටින ඉංජිනේරුවරු සමඟ එක්ව ගගනගාමියෝ තත්ත්වය අධ්‍යයනය කරමින් සිටිති.

පසුගිය ජුනි මාසයේදී, පොළොවේ සිට කිලෝමීටර 400ක් ඉහළින් රඳවා ඇති අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අලුත් කාර්ය මණ්ඩලය රැගෙන යාමට උපයෝගී කරගන්නා ලද කැප්සූලයක කුඩා සිදුරක් නිරීක්ෂණය කෙරිණි.

සාමාජිකයන් හය දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයට හානියක් නැති බව අමෙරිකාවේ හියුස්ටන් සහ රුසියාවේ මොස්කව්හි සිටින මෙහෙයුම් පාලකයෝ පවසති.

පෘථිවි කක්ෂය වටා යන අභ්‍යවකාශ මධ්‍යස්ථානය කුඩා උල්කාෂ්ම හා ගැටීමේ තර්ජනය නිරන්තරයෙන් පවතින අතර, ඊට ඔරොත්තු දෙන ලෙස එය ඉදිකර තිබේ.

නව අදහස දක්වන්න