මුස්ලිම් කණ්ඩායම් ගොනු කළ නඩුවක් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභ කරයි | දිනමිණ

මුස්ලිම් කණ්ඩායම් ගොනු කළ නඩුවක් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභ කරයි

සිනමා පටයක ඇති දර්ශනයක රඟපෑ ශිල්පිනියකට එරෙහිව මුස්ලිම් කණ්ඩායම් ගොනු කළ නඩුවක් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රභ කර තිබේ. මේ නඩුව පවරා තිබුණේ එම ශිල්පිනියගේ ඉඟි පෑම "ආගමට අවමන් කරන" බව සඳහන් කරමිනි. මේ නඩුවේ පැමිණිලිකරුවන් ගීතය වැරදියට වටහා ගෙන ඇති බව මෙහිදී රංගන ශිල්පිනිය පවසා ඇත.

මලයාලම් චිත්‍රපට ගීතයක ඉඟි පාන දර්ශනයක් නිසා ප්‍රියා ප්‍රකාශ් වරියර් නම් මේ ශිල්පිනිය පසුගිය කාලයේ දී වඩාත් ජනප්‍රිය වූවාය.

මුහම්මද් නබි නායකතුමාගේ බිරිය ගැන සඳහන් වන "පූජනීය ගීතයක්" චිත්‍රපටයකට යොදාගැනීම මෙන්ම මෙවැනි ඉඟිපෑම් ඉස්ලාම් ආගමට අවමන් කිරීමක් බව පැමිණිලිකරුවෝ පවසති.

අදාළ ගීතය චිත්‍රපටයෙන් ඉවත් කරන්න යැයි ඉල්ලීම් කරමින් මුස්ලිම් කණ්ඩායම ගොනු කළ නඩුව, පොලිසිය විසින් ලියාපදිංචි කරනු ලැබ ඇත. ප්‍රියා ප්‍රකාශ් මෙයට එරෙහිව ඉහළ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

නව අදහස දක්වන්න