ලේක­්හවුස් කුටියට ඉහළ ජනතා සහභාගිත්වයක් | දිනමිණ

ලේක­්හවුස් කුටියට ඉහළ ජනතා සහභාගිත්වයක්

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේ කලාප අංක 10 පිහිටි ප්‍රචාරක හා මාධ්‍ය කලාපයේ ස්ථාපිත ලේක්හවුස් ආයතනයේ ප්‍රදර්ශන කුටියට ඉහළ ජනතා සහභාගීත්වයක් ඉහළ ජනතා ආකර්ශනයක් හිමි විය.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මහජන මිත්‍රශීලී විශ්වාසනීය ජනතා මාධ්‍ය මෙහෙවරක නිරත වන බව ප්‍රකට කරමින් සංවිධාන කර තිබූ ප්‍රදර්ශන කුටියට පැමිණි සියලු දෙනාට ආයතනයේ ප්‍රකාශන නොමිලේ ලබා දීම විශේෂ සිදු වීමකි. සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා මාධ්‍යයන්ගෙන් ප්‍රකාශයට පත් කරන දිනපතා පුවත් පත් වන දිනමිණ, රැස, තිනකරන්, ඩේලි නිව්ස් සහ සරසවිය, බුදුසරණ, තරුණි, මිහිර ආදී පුවත්පත් මෙහි දී ජනතාවට නොමිලේ පිරිනැමිණි.

ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ මග පෙන්වීම මත ඉහළ කළමනාකාරීත්වය සහ සෙසු සියලු අංශ දායකත්වයෙන් මේ කාර්යය සිදු කෙරිණි. මෙහි තවත් විශේෂත්වයක් වනුයේ අන්තර්ජාල පුවත්පත් සේවා පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමය. ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ නීතීඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න, මුදල් අධ්‍යක්ෂ දුෂ්‍යන්ත බස්නායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුබාෂ් කරුණාරත්න, ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමනාකරු චන්ද්‍රලාල් සූරියආරච්චි යන මහත්වරු ද මෙම අවස්ථාවට එක් ව සිටියහ. සරසවිය පුවත්පතේ මෙහෙයවීමෙන් මෙරට ජනප්‍රිය නළු නිළියන්ගේ සහභාගීත්වයෙන් විවිධ විනෝදාත්මක වැඩසටහන් ද, තරුණි පුවත්පතේ මෙහෙයවීමෙන් මනාලියන් හැඩගැන්වීම පිළිබඳ විශේෂ වැඩසටහන් ද පැවැත්විණි.

නව අදහස දක්වන්න