පොලිසියේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි | දිනමිණ

පොලිසියේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

පොලිසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂය හෙට සංවිධාන කර ඇති විරෝධතාව සම්බන්ධයෙන් පොලිසිය මෙම ඉල්ලීම කර තිබුණි.

කුරුඳුවත්ත පොලිසිය පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මහජන පීඩාව ඇති නොවන අයුරින් අදාළ විරෝධතාව සිදු කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසටයි.

කෙසේ වෙතත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවට අදාළව නියෝගයක් නිකුත් කරන ලෙසට වැලිකඩ පොලිසිය කළ ඉල්ලීම ද අධිකරණය ප්‍රතික්ෂේප කර ඇතැයි සදහන්.

නව අදහස දක්වන්න