ලෝක කුසලාන කැරම් ශූරතාව දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හරසර | දිනමිණ

ලෝක කුසලාන කැරම් ශූරතාව දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හරසර

දකුණු කොරියාවේ පැවති 5 වැනි ලෝක කුසලාන කැරම් ශූරතාවලියේ පිරිමි කණ්ඩායම් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හා අනුශූරතාව දිනාගත් ක්‍රීඩිකාවන් පිළිගැනීමේ විශේෂ උත්සවයක් පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය, ශ්‍රියානි විජේවික්‍රම මහත්මියගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. ලෝක ශූර ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම පසුගිය (31) දා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණියේය.

ලෝක කුසලාන කැරම් ශූරතාව දිනාගත් පිරිමි කැරම් කණ්ඩායමට සෙලාන් බැංකුවේ චමිල් දර්ශන කුරේ (නායක), ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිශාන්ත ප්‍රනාන්දු, කොළඹ රාජකීය විද්‍යාලයේ මොහොමඞ් ෂහීඞ් හිල්මි, ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ උදේශ් චන්දිම පෙරේරා සහ අනුශූරතාව දිනාගත් කාන්තා කැරම් කණ්ඩායමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යසිකා රාහුබද්ධ (නායක), ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජෝශප් රොෂිටා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ චලනි ලක්මාලි ලියනගේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ මධුකා දිල්ෂානී රණවීර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත්වූහ.

කණ්ඩායම් ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සභාපති පරාක්‍රම බස්නායක, කළමනාකරු ලෙස උපසභාපති බ්‍රින්ඩ්ලි වික්‍රමසිංහ, ප්‍රධාන විනිසුරු ලෙස තරග ලේකම් අමිතා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ද මෙම සංචාරයට එක් වූහ.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී ශ්‍රී ලංකා කැරම් ශූරයන් පිළිගත් ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් හා ශ්‍රී ලංකා කැරම් සම්මේලන නිලධාරීන්, පරිවාර වාහන සහිත විවෘත බස් රථයකින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත කැඳවාගෙන එනු ලැබීය. එහිදී ඉහළම පිළිගැනීමකට හා ඇගැයීමකට ලක්වූ කැරම් ලෝක ශූරයන් ඉන් අනතුරුව කැරම් මහගෙදර වන කොහුවල ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේදී ශ්‍රී ලංකා කැරම් සම්මේලන නිලධාරීන් විසින්ද ඉමහත් හරසරින් පිළිගනු ලැබුවේය.

මෙම පිළිගැනීමේ උත්සව අවස්ථා සඳහා අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් සමන් පද්මසිරි, අතිරේක ලේකම් පී.සුමතිරත්න, ජාතික ක්‍රීඩා කෞතුකාගාර සභාපති සමන් අමරසිංහ, සහකාර අධ්‍යක්‍ෂිකා (පාලන) නදීකා දමයන්ති, සහකාර අධ්‍යක්‍ෂ (ක්‍රීඩා) ආර්.බී.වික්‍රමසිංහ, ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ උප සභාපති සුසන්ත ප්‍රනාන්දු, රවී වික්‍රමසිංහ, චින්තක එස්.ගුණසේකර ප්‍රධාන ලේකම් දයා විදානගම, භාණ්ඩාගාරික ජානක ජීවන්දර, උප ලේකම් කරුණාරත්න ජයසිංහ, ජාතික කැරම් තේරීම් කමිටු සභාපති ඩඞ්ලි ගුණවර්ධන, කැරම් තේරීම් කමිටු සාමාජික සුනන්ද කෝදාගොඩ යන මහත්ම මහත්මීන් හා ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්, කැරම් සම්මේලන නිලධාරීන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මාපියන්, සමග ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක්ද සහභාගී වූහ.

 

 

නව අදහස දක්වන්න