මහ­නු­වර නගර සභා­වෙන් පාපන්දු විනි­සු­රු­වන් 3ක් | දිනමිණ

මහ­නු­වර නගර සභා­වෙන් පාපන්දු විනි­සු­රු­වන් 3ක්

උප­නන්ද ජය­සු­න්දර මහ­නු­වර ක්‍රීඩා විශේෂ

ශ්‍රී ලංකා පාපන්දු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙලේ විනි­ශ්ච­ය­ක­රු­වන් තිදෙ­නෙක් මහ­නු­වර මහ නගර සභාවේ ක්‍රීඩා දෙපා­ර්ත­මේ­න්තුව විසින් දායාද කර ඇත. ඩබ්. ඒ. ප්‍රියන්ත, එම්. ජමා­ල්දීන්, සහ කේ. රවී­න්ද්‍රන් එම විනි­ශ්ච­ය­ක­රුවෝ වෙති.

ඩබ්. ඒ ප්‍රියන්ත පාපන්දු සහ මළල ක්‍රීඩා­වෙන් ජාත්‍ය­න්තර තරග නියෝ­ජ­නය කළ අයෙක් වන අතර ඔහු පළමු පෙලේ පාපන්දු විනි­ශ්ච­ය­කා­ර­ව­ර­යෙකි. ඔහු 1994 වර්ෂයේ ජාත්‍ය­න්තර පාපන්දු සම්මේ­ල­නය මගින් මෙහෙ­ය­වන ලද දින 10 ක පුහුණු සැසි වාර­ය­ටද සහ­භාගී වී ඇත. එෆ්.ඒ. කුස­ලාන තරග, බ්‍රිස්ටල් ලීග් තරග මහ­නු­වර ලීග් තරග, ක්‍රිස්ටල් ලීග්, සුපර් ලීග්, සහ ජාතික ක්‍රීඩා තරග වර්ෂ තුල ඔහු විසින් විනි­ශ්චය කර ඇත. එම්. ජම­ල්ඩීන් ද ඉහත සඳ­හන් තරග විනි­ශ්චය කර ඇති අතර දෙදෙ­නාම වර්ෂ 30 කට වැඩි වර්ෂ ගණ­න­කදී පාපන්දු විනි­ශ්චයේ නියැලී ඇත. ජමාල් යන සුර­තල් නමින් හඳු­න්වන ඔහු ෆීෆා විිනි­සු­රු­වන් සඳහා පව­ත්වන පුහුණු සැසි­යට සහ­භාගී වී ඇත. මහ­නු­වර මහ නගර සභා­වෙන් දායාද කර ඇති තුන්වැනි පාපන්දු විනි­ශ්ච­ය­කා­ර­ව­රයා වන්නේ කේ. රවි­න්ද්‍රන්ය. ඔහු පළ­මු­පෙලේ පුහුණු කරු­වකු වන අතර පුහු­ණුව ආරම්භ කරන ලද්දේ 1992 වර්ෂ­යේය. පාපන්දු විනි­ශ්ච­ය­කා­ර­ව­ර­යෙකු වශ­යෙන් මෙතෙක් පාපන්දු තරග 500 කට වැඩි ප්‍රමා­ණ­යක් විනි­ශ්චය කර ඇත.

නව අදහස දක්වන්න