ඉංග්‍රීසි ප්‍රචලිත කිරීමට අමෙරිකාවෙන් එයි | දිනමිණ

ඉංග්‍රීසි ප්‍රචලිත කිරීමට අමෙරිකාවෙන් එයි

ශ්‍රී ලංකාව තුළ ඉංග්‍රීසි භාෂාව ප්‍රචලිත කිරීම සඳහා අමෙරිකානු සාම බලකායේ ස්වේච්ඡා සම්පත්දායකයින් පිරිසක් යළිත් මෙරටට පැමිණීමට නියමිතය.

ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සඳහා මෙහිදී මූලික අවධානය යොමු වනු ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් ඇමෙරිකානු සාම බලකායේ ස්වේච්ඡා වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට එකඟතාව පළ කළ අතර, 2018 පෙබරවාරී මාසයේ දී ඒ සඳහා ද්විපාර්ශවීය ගිවිසුමට අත්සන් තැබීම සිදුවිය.

අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා 100 දෙනෙකුගෙන් සමන්විත ස්වේච්ඡා සම්පත්දායකයින් පිරිසක් එක්වීමට නියමිත අතර, 2020 වසරේ අධ්‍යයන වර්ෂය ආරම්භ කරනු ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත්වෙමින්, ජනතාව සමඟ එක්ව කටයුතු කරමින් ස්වකීය සේවය ලබා දෙන අතරම, සංස්කෘතික ක්‍රියාකාරකම් හරහා දෙරට අතර ජනජීවිතය පිළිබඳ දැනුම සහ අවබෝධය වර්ධනය කිරීමට ද මෙහිදී පියවර ගනු ඇත.

1962 වසරේ සිට අධ්‍යාපනය, සෞඛ්‍ය සහ තරුණ කටයුතු සම්බන්ධව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ මෙම ස්වේච්ඡා වැඩසටහන් 1998 වසරේ අවසන් වූයේ එවකට පැවති දේශපාලන අස්ථාවරත්වය හේතුවෙනි. ඇමරිකානු සාම බලකාය නැවත ශ්‍රී ලංකාව තුළ සේවය ආරම්භ කිරීම දෙරට අතර මිත්‍ර සම්බන්ධතා වර්ධනය වීමට ද හේතුවක් වනු ඇත.

අදහස් 1ක් ඇත

This is not needed. we have enough English teachers. These Peace Corp people are just row graduates, besides, they speak American and not English. We don't neeed foreigners to teach our students.

නව අදහස දක්වන්න