"ජෙබි" සුළි කුණාටුව බටහිර ජපානය කළඹයි | දිනමිණ

"ජෙබි" සුළි කුණාටුව බටහිර ජපානය කළඹයි

වසර 25ක් ඇතුළත ජපානයට හමා ආ ප්‍රබලතම සුළි සුළඟ "ජෙබි" මේ වන විට බටහිර ජපානයට ඇතුළු වී තිබේ‍. වර්ෂාව සමඟ ඇති වී තිබෙන දැඩි සුළං තත්ත්වය සම්පූර්ණයෙන් සාමාන්‍ය ජන ජීවිතය අඩපණ කිරීමට සමත් වී තිබේ.

කොතෙක් අනතුරු ඇඟවීම් සිදු කළ ද ජෙබි හේතුවෙන් මේ වන විට එක් අයකු මරණයට පත්වී ඇති අතර තවත් කිහිප දෙනෙකුම තුවාල ලබා ඇති බව වාර්තා වේ.

කියෝටෝහි දුම්රියපොළක වීදුරු සිවිලිමක් කඩා වැටීම හේතුවෙන් මේ පිරිස තුවාල ලබා ඇත. අධිවේගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථ කිහිපයක්ම සුළඟේ ගසා ගෙන ගොස් ඇති අතර ෂිකොකු හා හොන්ෂු දිවයින් සම්බන්ධ කරන පාලමෙන් ඇද වැටීමට ගිය ට්‍රක් රථයක් දැඩි පරිශ්‍රමයක් දරා බේරා ගෙන තිබේ.

"ජෙබි" මිලියන 1.19 ක පමණ පිරිසකට බලපානු ඇති බව බේරා ගැනීමේ උපදේශකයන් දැනුම් දී ඇති අතර ස්ථාපිත කර ඇති තාවකාලික නිවාස 1,500ක් වෙත මේ වන විටත් ආපදාවට ලක් විය හැකි පිරිස් යොමු කර ඇති බව සඳහන්ය.


නව අදහස දක්වන්න

Or log in with...