සිරියානු රජයට සහ සහාය දක්වන රුසියා සහ ඉරාන අංශවලට ට්‍රම්ප් අනතුරු අඟවයි | දිනමිණ

සිරියානු රජයට සහ සහාය දක්වන රුසියා සහ ඉරාන අංශවලට ට්‍රම්ප් අනතුරු අඟවයි

සිරියානු රජයට සහ ඔවුන්ට සහාය දක්වන රුසියානු සහ ඉරාන අංශවලට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් අනතුරු අඟවා තිබේ. ජනාධිපතිවරයා මෙසේ අනතුරු අඟවා ඇත්තේ ඉඩ්ලිබ් පළාතට නොසැලකිලිමත් ප්‍රහාර එල්ල කිරීමේ සූදානමට එරෙහි වෙමිනි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ මේ ප්‍රහාරය සිය ගණනක් සිවිල් ජනතාව ඝාතනය විය හැකි බරපතළ මානව හිතවාදී වැරැද්දක් විය හැකි බවයි.

සිරියා ජනාධිපති බෂර් අල් අසාද් ඉඩ්ලිබ් පළාත යළි අත්පත් කර ගැනීම සඳහා ප්‍රතිප්‍රහාරයක් සුදානම් කරන බවට වාර්තා වූ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට ප්‍රතිචාර දක්වමින් මෙසේ ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ. මෙවැනි ප්‍රහාරයකින් සිවිල් වැසියන්ට විනාශකාරී ප්‍රතිඵල අත්වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මීට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේය.

නව අදහස දක්වන්න