ඇෆ්ගන් ත්‍රස්ත ජාලයේ නිර්මාතෘ ජුලාලුදීන් හකානි මිය යයි | දිනමිණ

ඇෆ්ගන් ත්‍රස්ත ජාලයේ නිර්මාතෘ ජුලාලුදීන් හකානි මිය යයි

ඇෆ්ගන් ත්‍රස්ත ජාලයේ නිර්මාතෘ ජුලාලුදීන් හකානි මිය ගිය බව ඇෆ්ගන් තලේබාන් සංවිධානය නිවේදනය කරයි. වාර්තා වන අන්දමට ඔහු තලේබාන් සහ අල්- කයිඩා සංවිධාන දෙක සමඟම සමීප සම්බන්ධතා පැවැත්වූ අයෙකි. වසර ගණනක් පුරා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ හකානි 2001 වසරේ දී කණ්ඩායම් නායකත්වය සිය පුත්‍රයාට පැවරීය.

මෑත කාලීනව ඇෆ්ගන් හා නේටෝ කලාපය තුළ සිදු වූ ප්‍රහාර පිටුපස හකානි ජාලය වූ බව බුද්ධි අංශ වාර්තා කර තිබුණි.

ඔහු මිය ගිය බවට මීට පෙර ද කිහිප වාරයක්ම වාර්තා වූ නමුත් එය තහවුරු කළ එකම වාර්තාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


නව අදහස දක්වන්න

Or log in with...