රාජපක්ෂ කල්ලිය විහිළුවක් වුණා -ඇමති සාගල | දිනමිණ

රාජපක්ෂ කල්ලිය විහිළුවක් වුණා -ඇමති සාගල

ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ නගරයේ පැවැත්වූ විරෝධතා ව්‍යාපාරය පුස්වෙඩිල්ලක් වූ බවත් එය රාජපක්ෂ කල්ලියේ දේශපාලන මිනී වළ සියතින්ම කපාගැනීමක් වූ  බවත් ව්‍යාපෘති කලමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි. 
 
විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළේ මෙම ව්‍යාජ 'ජන බල' සංදර්ශනය සඳහා සැලසුම් සකස් කෙරුණේ දූෂණ වංචා පිළිබඳ නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවීමට අදාළ නීති පාර්ලිමේන්තුවේ සම්මත වූ දිනයේ ම බවයි. 
 
ඔවුන්ගේ එකම අරමුණ වූයේ පැකට්, මුදල් හෝ මත්පැන් හැකිතාක් ලබා දී, ලංකාවේ සතර දිග් භාගයෙන්ම සිය ආධාරකරුවන් කොළඹට ගෙන්වා, තමන්ට ජනබලයක් ඇතැයි පෙන්වා කෙසේ හෝ තමන්ට එරෙහි දූෂණ වංචා නඩුවල තීන්දු ප්‍රමාද කර ගැනීම බව ද රත්නායක මහතා සඳහන් කළේ ය.
 
කෙසේ වුණත් රැළිය ආරම්භ වීමටත් පපෙර සුරා මතින් පාරේ වැටී සිටී පොහොට්ටු ආධාරකරුවන්ට පිහිටට ආවේ ද ඔවුන් මෙයට පෙර විරෝධය පෑ සුවසැරිය ගිලන් රථ සේවය බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 
 
ඔහු නිකුත් කොට ඇති නිවේදනයේ මෙසේ ද සදහන් වේ. 
 
"ඒකාබද්ධ විපක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකත්වයෙන් ඊයේ කොළඹ නගරයේ පවත්වන්නට යෙදුණු විරෝධතා ව්‍යාපාරයට මුළුමනින්ම අසාර්ථක වී පුස්වෙඩිල්ලක් බවට පත් වූයේය.
 
මුලින් ඔවුන් මුළු කොළඹ නගරයම වැටලීමට කල්පනා කළ අතර පසුව ඒ අදහස අතහැර රැය පහන් වන තුරු විරෝධතාව පැවැත්වීමට තීරණය කළ බව අපට මාධයයෙන් අසන්නට ලැබිණි. නමුත් අවසානයේ සිදු වූයේ රැය පහම් කිරීම කෙසේ වෙතත් මැදියම් රැය උදා වෙන්නටත් හෝරා දෙක තුනකට කලින් රැළිය අවසන් කිරීමය. මේ තීරණාත්මක පසුබෑම රාජපක්ෂ කල්ලිය පසුගිය කාලයේ හිමි කර ගත් දරුණුම පරාජයක් වූ අතර අවසානයේ සිදු වූයේ ඔවුන් සිය පක්ෂිකයන් අතරම අපහාසයට සහ උපහාසයට පත් වීමයි.
 

නව අදහස දක්වන්න