නියඟය තදයි : විල්පත්තුවේ සංචාරක බංගලා වසයි | දිනමිණ


 

නියඟය තදයි : විල්පත්තුවේ සංචාරක බංගලා වසයි

මේ දිනවල පවතින අධික අව්රශ්මියත් සමඟ විල්පත්තුව ජාතික වනෝද්‍යානයට බලපා ඇති දරුණු නියං තත්ත්වය හේතුවෙන් මෙම මස පළමු වන දින සිට ඔක්තෝම්බර් මස දක්වා සංචාරක බංගලා තාවකාලිව වැසීමට කටයුතු කර ඇති බවයි වන ජීවි සංචාරක අංශයෙන් කල විමසීකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කලේ. පවතින අධික නියං තත්ත්වය සැලකිල්ලට ගත් විල්පත්තුව ජාතික වනෝද්‍යානභාර නිළධාරින් එහි ස්ථාපිත බංගලාවල පවතින අබලන් තත්ත්වය නිසාවෙන්ද මෙලෙස බංගලා තාවකාලිකව වසා දැමීමට කටයුතු කල බව කියයි.

ඒ අනුව ජාතික වනෝද්‍යානයේ පිහිටි බංගලා අතරින් එක් බංගලාවක් හැර අනෙක් සියළුම බංගලා තුළ නවීකරණ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බැවින් සංචාරකයින් හට එම බංගලා තාවකාලිකව ලබා නොදීමට කටයුතු කරන බවයි වන ජීවි සංචාරක අංශය සඳහන් කලේ. ශ්‍රි ලංකාවේ පිහිටි වනෝද්‍යාන අතුරින් ඵෛතිහාසික හා පෞරාණික වැදගත්කමක් ඇති විල්පත්තුව ජාතික වනෝද්‍යනයට මාස ගනණනාවක් පුරා නොකඩවා වැසි නොලැබීම හේතුවෙන් පවතින අධික නියං තත්ත්වය දැඩිව බල පෑමත් සමග විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වාසය කරන සතුන් බීමට ජලය නොමැතිකමින් ජලය සොයා වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය වීම ආරම්බ කර ඇති බව කියයි.

මෙම වසරේ මුල් මාසයෙන් පසු නිසි වර්ෂාපතනයක් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට නොලැබීම හේතුවෙන් එහි පිහිටා ඇති ප්‍රධන විල් 27ක් අතරින් මාණික්කපොල ඌත්තු විල, මනවිල, ලුණුවිල, කුරුත්තු පණ්ඩිවිල, දෙමට විල යන විල් සමූහයට සමගාමිව ප්‍රධාන වැව් 07ක් අතරින් ඉලන්දමෝට්ටෙයි, කුඩාපතැස්ස, මහපතැස්ස, ලුණු වැව යන වැව් තුළද ප්‍රමාණවත්ව ජලය නොමැතිකමින් යම් තරමකට සිදී ගොස් ඇති බව දක්නට ලැබේ.

සටහන සේයා රූ
කේ.ප්‍රියංකර කළුපහන - වනාතවිල්ලුව සමූහ 

නව අදහස දක්වන්න