නාඋල හාඩුව ගොවිපළකින් වසවිස නැති එළවළු-පලතුරු | දිනමිණ


 

නාඋල හාඩුව ගොවිපළකින් වසවිස නැති එළවළු-පලතුරු

කාබනික හෝ කිසිදු රසායනික ද්‍රව්‍යයක් නොයොදා කන්ද උඩරට වගා කෙරෙන කැරට් ඇතුළු එළවළු වගාවන් රැසක් ආරම්භ කර ඇති නාඋල හාඩුව ප්‍රදේශයේ ගොවිපළක අස්වනු නෙළීම මේ දිනවල සිදු කෙරේ. පරිසරවේදියකු වන තිලක් කන්දේගම මහතාගේ සොබාදහමේ ගොවිපළ නමින් මෙය පවත්වාගෙන යනු ලබයි .

ඉර නැගීම ඉර බැසීම ආදී සොබාදහමේ විද්‍යාත්මක ක්‍රමයන් හඳුනාගෙන මෙහි වගාවන් සිදු කරන බව කන්දේගම මහතා පවසයි.

ඒ අනුව කිසිදු කාබනික හෝ රසායනික පොහොර නොයොදා ජලය පමණක් යොදාගන්නා බැවින් කෘමි උවදුරු, ශාක රෝග මේ වගාවේ චක්නට නැත.

කන්ද උඩරට ප්‍රදේශවල වගා කෙරෙන කැරට්, බිට්,අර්තාපල් ,රාබු ආදී එළවළු වර්ග රැසක් මෙහි වගා කොට තිබේ. මේ දිනවල නියං සමයේදී වගාකළ කැරට් අස්වනු නෙළීම ගොවිපළේදී සිදු කිරීම විශේෂත්වයකි. එමෙන්ම ස්වභාදහම ගොවිපළේ විශේෂ බණ්ඩක්කා වර්ගයක් ඇත.

පැරැන්නන් ඇත්දල බණ්ඩක්කා නමින් හඳුන්වන ලැබූ බණ්ඩක්කා ඉතා සරුවට මෙහි වගා කොට තිබිණි. එක් බණ්ඩක්කා කරලක් අඩියකටත් වඩා වැඩි දිගකින් යුතුව මෙහි වැවේ. එළවළු වගාවට අමතරව මේ ගොවිපළේ පලතුරු වගාවන් රැසක් ද සාර්ථකව පවත්වාගෙන යයි. ඊට අමතරව නුවරඑළිය ප්‍රදේශයේ වැවෙන අලංකාර මල් වර්ගද වගා කර තිබීමද තවත් සුවිශේෂී වූ කරුණකි.

පරිසරවේදී තිලක් කන්දේගම මහතා කියා සිටියේ නාඋල ප්‍රදේශයට ඉර පෑයීම පැය දෙකකින් පමාවී සිදුවීමත් ඉර බැසීමේදී කඳු මුදුන් නිසා බැසයන ඉරි අව් රශ්මිය නොදැනීම නිසා එමෙන්ම අවට සිසිල් ප්‍රදේශවල පවතින සුළං රැළි නාඋල මේ ප්‍රදේශය හරහා ගමන් කිරීම හේතු කොටගෙන වගාව සාර්ථකව සිදු කිරීමට හැකි බවය.

 

සටහන සහ ඡායාරූප
සීගිරිය විශේෂ 

නව අදහස දක්වන්න