ගහමරා ගන්නා දේශපාලනඥයන්ට උකුවෙල ප්‍රා. සභාවෙන් ආදර්ශයක් | දිනමිණ


 

ගහමරා ගන්නා දේශපාලනඥයන්ට උකුවෙල ප්‍රා. සභාවෙන් ආදර්ශයක්

එකිනෙකාට විරුද්ධව චෝදනා එල්ල කර ගැනීම වෙනුවට උකුවෙළ ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු එක්ව දිවයිනේ ආදර්ශවත් ප්‍රාදේශීය සභාව බවට පත් කිරිමට කටයුතු කරන බව ඔවුහු පවසති.

උකුවෙළ ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව පිහිටුවා එහි සභාපති එක්සත් ජනතා නිදහස් සන්ධානයේද උප සභාපති එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇතත් ඒ යටතේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරුන් ඇතුළු 26 දෙනාගේම සහයෝගයෙන් ජනතා ගැටලු විසඳීමට එම වැඩ සටහන් ආරම්භ කර ඇත.

ඒ අනුව උකුවෙළ මහජන පුස්තකාලයේ තීන්ත ආලේප කිරීම සදහා රුපියල් 180000 ක මුදලක් ඇස්තමේන්තු කර තිබු අතර ඒ සදහා අනුමතිය ලබා ගැනීමට මහ සභාවට ඉදිරිපත් කිරිමේදී පක්ෂ විපක්ෂ සියළු මන්ත්‍රිවරුන්ගේ එකඟතාව අනුව සභාපති ඇතුළු මන්ත්‍රිවරු එක්ව ශ්‍රමදානයක් මඟින් තීන්ත අලේප කිරීමට යෝජනා කරගෙන තිබේ.

ඉදිරියේදී ද බදු ගෙවන ජනතාවට බරක් නොවි මන්ත්‍රිවරුන්ට එක්ව විසදිය හැකි කටයුතු ශ්‍රමදාන මඟින් සිදු කිරිමට පියවර ගන්නා බවත් පක්ෂ පාට භේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන්ට එක සමානව සංවර්ධන කටයුතු සදහා ප්‍රතිපාදන ලබාදීමටත් ඔවුන්ගේ සහය ලබාගෙන උකුවෙළ ජනතා ගැටලු විසදීමට ඔවුන් ලබාදෙන සහයෝගය තුළින් ආදර්ශවත් ප්‍රාදේශීය සභාවක් බවට පත් කිරිම සියලු දෙනාගේ බලාපොරොත්තුව බවත් උකුවෙළ ප්‍රාදේශීය සභා සභාපති ඩී. ඩබ්ලිව්. එම්. චේතියරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.

සටහන සහ ඡායාරූපය මාතලේ මධ්‍යම සමුහ
සිරි අබයසිරි

නව අදහස දක්වන්න