ඇසළ පෙරහරේ ගිය අලි-ඇතුන්ට තෙල් සත්කාරයක් | දිනමිණ


 

ඇසළ පෙරහරේ ගිය අලි-ඇතුන්ට තෙල් සත්කාරයක්

මහනුවර ඇසළ පෙරහර සඳහා සහභාගී වූ අලි ඇතුන් උදෙසා ආයුර්වේද ස්නේහ කර්ම ගැල්වීමේ වෛද්‍ය කඳවුරක් මහනුවර ශ්‍රී විෂ්ණු දේවාල භූමියේදී පැවැත්විණි. ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතාගේ සහ අලුත්නුවර දැඩිමුන්ඩේ දේවාලයේ භාරකාර දම්සිරි කරුණාරත්න මහතාගේ අනුග්‍රහකත්වයෙන් මෙය පැවැත්විණි.

ඇසළ මංගල්‍යය සදහා සහභාගී වන අලි ඇතුන්ගේ ශරීරයේ ඇතිවන වේදනාව සහ දෙපාවල ඇතිවන පීඩාව සංසිදුවීම සදහා මේ ප්‍රතිකාර ප්‍රත්‍යක්ෂ වන බව මහනුවර ආයුර්වේද සෞඛ්‍ය සේවා ස්වේච්ඡා ප්‍රථමාධාර බළකායේ සභාපති වෛද්‍ය ඩී. එස්. ද සිල්වා මහතා පැවැසුවේය.

මේ ප්‍රතිකාර සඳහා යොදාගනු ලැබුවේ දේශීය ශාඛ ඖෂධයි. අලි ඇතුන්ගේ ශෛලමය සත්කාර සඳහා අනුග්‍රහය වෛද්‍ය කරසිංහආරච්චි මහතා ප්‍රමුඛ මහනුවර දේශීය වෛද්‍යවරු යටතේ සිදුවන අතර අලි ඇතුන් ගාල් කර ඇති තැන්වලට ගොස් අලි ඇතුන්ගේ දෙපාවල තෙල් සත්කාරය කළේය.

සටහන සහ ඡායාරූප- සුනිල් ගුණවර්ධන-කුණ්ඩසාලේ සමූහ

නව අදහස දක්වන්න