නියං කාලගුණයෙන් සිමෙන්ති ගල් කර්මාන්තයට බාධා | දිනමිණ

නියං කාලගුණයෙන් සිමෙන්ති ගල් කර්මාන්තයට බාධා

මාතලේ දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් නියං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ගඩොල් හා බ්ලොග් ගල් කර්මාන්තයේ නිරත වන පුද්ලයන්ට ජලය සපයා ගැනීම බරපතළ තත්ත්වයක් බවට පත්ව ඇතැයි කර්මාන්තකරුවෝ කියති.

දිනපතා දහස් ගණනින් නිමවෙන බ්ලොග් ගල් හා ගඩොල් සඳහා විශාල ජල ප්‍රමාණයක් වැය වන බව ඔවුහු කියති. කර්මාන්ත භූමිවල පිහිටි ජල මුලාශ්‍ර ක්‍රමයෙන් සිදි යෑම මේ තත්ත්වයට බලපා ඇතැයි කර්මාන්තකරුවෝ කියති. දිනෙන් දින වැඩිවන නියං තත්ත්වය හේතුවෙන් බීමට පවා ජලය හිගවිය හැකි බව පරිසර සංවිධාන ද කියා සිටියි.

සටහන සහ ඡායාරූපය නාඋල සමුහ 

නව අදහස දක්වන්න