අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අතුරු වාර්තාව ජනපතිට පිළිගන්වයි.... | දිනමිණ


 

අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අතුරු වාර්තාව ජනපතිට පිළිගන්වයි....

අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු සොයා බැලීම සඳහා ස්ථාපිත කරන ලද අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අතුරු වාර්තාව ඊයේ (05) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදුන්නේය.

එහි සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් වාර්තාව භාරදෙනු ලැබීය. මාස 06 ක් තුළ සිදු කෙරුණු පරීක්ෂණ අනුව සකස් කෙරුණු අතුරු වාර්තාව මෙලෙස ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මේ පිළිබඳ ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර, කැබිනට් අනු කමිටුවක් ද පත් කිරීමට කටයුතු කරන බවයි.

නව අදහස දක්වන්න