අැමැති මහින්ද අමරවීරගේ දේශපාලන දිවියට වසර 26ක් | දිනමිණ


 

අැමැති මහින්ද අමරවීරගේ දේශපාලන දිවියට වසර 26ක්

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බිහි වූ කෘතහස්ත දේශපාලනඥයකු වන වත්මන් කෘෂිකර්ම සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ දේශපාලන දිවියට වසර 26ක් පිරීම නිමිත්තෙන් ඒ මහතා පිළිබඳව ලියවුණු අමරවිරු පියමග කෘතිය එළිදැක්වීමේ උළෙල පසුගියදා තංගල්ල නගර සභා ශාලාවේදී පැවැත්විණි. එහිදී එම කෘතියේ සමකර්තෘ හම්බන්තොට සිංහගිරි විහාරාධිපති, සූරියවැව ජාතික පාසලේ ආචාර්ය, ශාස්ත්‍රපති විතාරන්දෙණියේ වජිර හිමියන් විසින් අමරවිරු පියමග කෘතියේ මුල් පිටපත කෘෂිකර්ම සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පිළිගැන්වූ අයුරු.

මෙම අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, දකුණු පළාත් විදුලිබල, ධීවර හා කර්මාන්ත අමාත්‍ය එච්. ඩබ්. ගුණසේන මැතිතුමා, ආදි ආරාධිත අමුත්තන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

මෙම කෘතියට මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් ඇතුළු ගිහි පැවිදි වියතුන්ගේ ලිපි රැසක් ඇතුළත් වන අතර මහින්ද අමරවීර මහතා පිළිබඳ ප්‍රකට මෙන්ම අප්‍රකට තොරතුරු ද ඇතුළත් වේ. පසුගිය දෙවසර තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදු කළ සුවිසල් ව්‍යාපෘති රැසක් පිළිබඳ මේ කෘතියේ සඳහන් කොට ඇත. සඳැස් හා නිසදැස් කාව්‍ය නිර්මාණ රැසක්ද මෙම කෘතියට ඇතුළත් වේ. මෙම කෘතිය අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ අඟුණුකොළපැලැස්ස සම්බන්ධීකරණ කාර්යාලයෙන් නොමිලේ ලබාගත හැකිය.

 

නව අදහස දක්වන්න