‘ජනබලය කොළඹට‘ විරෝධතාව අවසන් | දිනමිණ

‘ජනබලය කොළඹට‘ විරෝධතාව අවසන්

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ‘ජනබලය කොළඹට‘ විරෝධතා රැළිය අවසන් වී තිබේ.
 
ඊයේ (05) මධ්‍යම රාත්‍රී ලේක් හවුස් වට රවුම අභියස රැඳී සිටි ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් එම ස්ථානයේ සාකච්ඡාවක් පවත්වා තිබේ.
 
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ මහින්දානන්ද අලුත්ගමගේ අදාළ විරෝධතාවට සමගාමීව පැවැති එම සත්‍යග්‍රහය  පැවති ස්ථානයට පැමිණ එය නිල වශයෙන් අවසන් කරන බවට දැනුම්දී ඇත.
 
අද (06) අලුයම 1.15 ට පමණ ඊට එක්ව සිටි පිරිස ඒ අනුව විසිර ගොස් තිබේ.
 
මේ වන විට  රථ වාහන බාධාවකින් තොරව ගමන් කිරීමේ කටයුතු පොලිසිය විසින් ආරම්භ කර ඇත. 

අදහස් 1ක් ඇත

Wanchawata Dushanayata Kemathi, Anagatha parapurata wina karana Pirisa thamai Meyata sahabagi une.

නව අදහස දක්වන්න