ආහාර විෂ වී ළමුන් අසනීප වීම ගැන පරික්ෂණ | දිනමිණ


 

ආහාර විෂ වී ළමුන් අසනීප වීම ගැන පරික්ෂණ

ආහාර විෂ වීමකින් වටවල ටෙම්පල්ස්ටො වතු යායේ ළමුන් පිරිසක් අසනීප වීම සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇත. 
 
වටවල පොලිසිය හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වෙන් වෙන්ව විමර්ශන සිදුකරනු ලැබේ. 
 
ආහාර විෂ විම හේතුවෙන් ළමුන් 65 දෙනෙකු  ඊයේ (05) රාත්‍රි වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත්ව රෝහල් ගතව ප්‍රතිකාර ලැබීය. මේ වනවිට ඉන් 45 දෙනෙක් පිටවගොස් තිබේ. 
 
ඊයේ පස්වරුවේ එම වතු යායේ පිහිටි රාජ්‍යය නොවන සංවිධානයක් මඟින් පවත්වාගෙන යන ආගමික ස්ථානයක් මගින් ලබාදුන් ආහාර විස වි  ආසාත්මිකතාවයක් ඇති විම හේතුවෙන් ඊයේ රාත්‍රි 7.00 සිට රාත්‍රි 10.00 පමණ වන තෙක් වයස අවුරුදු 1 සිට 12 දක්වා වයස් කාණ්ඩ වල පසුවන ළමුන් 65 දෙනෙකු වමනය  , ක්ලාන්තය සහ පාචනය යන රෝග ලක්ෂණ නිසා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කරනු ලැබීය.
 
එම වතුයායේ පිහිටි ආගමික ස්ථානය මඟින් එම වතුයායේ පදිංචි පාසල් ළමුන්ට පාසල් වේලාව අවසන් විමෙන් පසු බාහිර පන්ති  පවත්වා එම පන්තිවලට සහභාගි වන ළමුන්ට දිනපතා ආහාර ලබා දෙන බව රෝහල් ගත කර සිටින ළමුන්ගේ දෙමාපියන් කියා සිටි.
 
ඊයේ දිනයේ බත් සමඟ කුකුල් මස් ව්‍යාංජනයක් ආහාරය සදහා ළමුන්ට ලබා දී ඇති බව සදහන් ය. 

නව අදහස දක්වන්න