ගිනි සිළුව රැගත් පෙරහැර ගමන් අරඹයි | දිනමිණ

ගිනි සිළුව රැගත් පෙරහැර ගමන් අරඹයි

30 වන මහවැලි ක්‍රීඩා  උලෙළේ ගිනි සිථව රැගත් රථ පෙරහැර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (06) උදෑසන කොළඹ නිදහස් චතුරශ්‍රය අසලින් ආරම්භ කෙරිණි. 
 
මහවැලි ගොවි දූ පුතුන්ගේ  ක්‍රීඩා   කෞශල්‍යයන් ඔප් නංවා ඔවුන්ගේ දක්ෂතා ජාත්‍යන්තරය දක්වා ගෙන යෑමේ අරමුණින් වාර්ෂිකව සංවිධාන කෙරෙන මහවැලි කී්‍රඩා උලෙළ 30 වන වරටත් සැප්තැම්බර් 15 සහ 16 යන දෙදින ඇඹිලිපිටිය මහවැලි කී්‍රඩාංගණයේ දි පැවැත්වෙයි. 
 
සර්ව ආගමික ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ගිනිසිඑව දල්වනු ලැබීමෙන් අනතුරුව 30වැනි මහවැලි ක්‍රීඩා උලෙළේ ගිනිසිඑව රැගත් චාරිකාව නිල වශයෙන් ආරම්භ කෙරිණි.
 
පෙරගමන් රථල යතුරු පැදිල ගිනිසිඑව රැගත් ධාවකයන්ල ත්‍රිවිධ හමුදාල පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන් සහ මහවැලි කලාප නියෝජනය කරමින් පිරිස් මෙම ගිනි සිඑව රැගෙන යන චාරිකාවට එක්ව සිටිති.
 
කිලෝ මීටර් 1111 ක මග ගෙවා මහවැලි ගම්මාන 111 ක් පසු කරමින් කොළඹ සිිට ඇඹිලිපිටිය දක්වා යන එම ගමනේ දී මග දෙපස ගොවිබිම් සරු කරනු වස් කොස් පැළ 111111 ක් ප්‍රදානය කිරිමේ රුක් රෝපණ වැඩසටහනක් ද සංවිධාන කර තිඛෙන අතර එහි සමාරම්භය සනිටුහන් කරමින් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ කොස් පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
 
මහවැලි රාජ්‍ය අමාත්‍ය විරකුමාර දිසානායකල රාජ්‍ය ඇමතිනි ශ්‍රීයානි විෙජ්වික්‍රමල බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි්‍රය යන මහත්වරුන් ද ති්‍රවිධ හමුදාපතිවරුල පොලිස්පති ඇතුථ ආරක්ෂක අංශ ප්‍රධානින් සහ මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන මහතා ඇතුථ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න