ෆෝබ්ස් මාෂල් ලංකා සමාගම රන්සිළු සම්මානයෙන් පිදුම් ලබයි | දිනමිණ

ෆෝබ්ස් මාෂල් ලංකා සමාගම රන්සිළු සම්මානයෙන් පිදුම් ලබයි

මෑතකදී පැවති 'විදුල්කා' ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙලේදී බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ කාණ්ඩය යටතේ, බලශක්තිය භාවිතය අවම කිරීම සඳහා දක්වන ලද දායකත්වය වෙනුවෙන් ෆෝබ්ස් මාෂල් සමාගම රන්සිළු සම්මානය හිමිකර ගත්තේය. මෙම සම්මාන උළෙල අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මස 22 වනදා BMICHහිදී පැවැත්විණි.

විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු අංශවල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර භාවිතය තවත් විධිමත් කිරීමේ අරමුණ පෙරදැරිව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්යංශය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA) එක්ව මෙම සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරයි.

සාර්ථක බලශක්ති කාර්යක්ෂම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සහ විශිෂ්ට ලෙස ආයතනික බලශක්ති මූලාශ්‍ර කළමනාකරණය කරන ආයතන මෙම උළෙලේදී ඇගයුමට ලක් කෙරේ. බලශක්ති කාර්යක්ෂමතාව, බලශක්ති කාර්යක්ෂමතාව සඳහා තාක්ෂණික සහයෝගිතාව, මහා පරිමාණ හෝටල් සහ කුඩා පරිමාණ නිෂ්පාදන යන අංශ හතර යටතේ මෙවර රන් සම්මාන පිරිනැමිණි.

වර්තමානයවන විට ෆෝබ්ස් මාෂල් සමාගම වාෂ්ප සහ පාලන උපකරණ සම්පාදන පද්ධති සම්පාදනයට අමතරව වාෂ්ප සහ පාලන උපකරණ සම්පාදනය, බලශක්ති කළමනාකරණය, කාර්මික ක්‍රමාංකනය, ව්‍යාපෘති කළමනාකරණය සහ ක්‍රියාත්මක කිරීම යන ක්ෂේත්‍රවල උපදේශන සේවා ලබාදීමෙහි ද නිරත වෙයි. ෆෝබ්ස් මාෂල් ලංකා සමාගම මෙරට වඩාත් විශ්වසනීය ම කාර්මික සේවා සම්පාදකයෙකු ලෙස කීර්තිමත් නාමයකට හිමිකම් කියයි.

පාරිභෝගික ජනතාව ෆෝබ්ස් මාෂල් ලංකා සමාගමේ නිෂ්පාදන, සේවා සහ විසඳුම් කෙරෙහි තබා ඇති විශ්වාසය මෙම රන් සම්මානය හිම්වීමේ මූලික අඩිතාලම බව එම සමාගම පවසයි. එම සමාගම පසුගිය වසර තුළ පොසිල ඉන්ධන ලීටර මිලියන 7ක් සුරක්ෂිත කිරීමට සමත්ව ඇති අතර එමගින් මෙරට වෙනුවෙන් රු. මිලියන 550කට අධික මුදලක් ඉතිරි කිරීමට ද හැකිවී ඇත. තවද, දර කිලෝ ග්‍රෑම් මිලියන 14ක් ද, ජලය ලීටර මිලියන 100ක් ද, විදුලි බලශක්ති ඒකක මිලියන 4ක් ද එම සමාගම ඉතිරි කිරීමට සමත් විය.

නව අදහස දක්වන්න