sri lankan සිංගප්පූරුවට ගමන්වර වැඩි කරයි | දිනමිණ

sri lankan සිංගප්පූරුවට ගමන්වර වැඩි කරයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම කොළඹ සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් ධාරිතාව සුවි‍ශේෂී ලෙස වැඩිකිරීමට කටයුතු කර ඇත. අති නවීන අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධතියක් ඇතුළු සුවපහසු ආසන වලින් සමන්විත පුළුල් බද සහිත A330 ගුවන් යානා මෙම ගුවන් ගමන් සදහා යොදා ගනිමින් රසවත් ආහාර පාන ලබාදෙමින් පාරිභෝගිකයන්‍ට උසස් මට්ටමේ තෘප්තිමත් සේවාවක් සැපයීමට ගුවන් සමාගම මෙමගින් කටයුතු කර ඇත.

මේ අනුව 2018 ඔක්තෝබර් මස 29 වැනිදා සිට සතියකට මෙහෙයුම් කළ ගුවන් ගමන් වාර 17 සිට ගුවන් ගමන් වාර 21 දක්වා වැඩිකරමින් කොළඹ සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් සිදුකිරීමට නියමිත වේ. මෙම ගුවන් ගමන් අතුරින් ගුවන් ගමන් 7ක් සදහා A 330-200 ගුවන් යානා ද අනෙකුත් ගුවන් ගමන් 14 සදහා A 320/ A 321 Neo ගුවන් යානා ද මෙහෙයුම් සදහා යොදාගනු ලැබේ.

මෙම ගුවන් ගමන් මාර්ගය විවිධ වර්ගයේ සංචාරකයන් වන විවේකය සදහා සංචාරය කරන්නන් , ව්‍යාපාරික සංචාරකයන්, MICE කණ්ඩායම්, සිසුන් සහ හිතමිතුරන් සහ පවුලේ සාමාජිකයන් හමුවීම් සදහා සංචාරය කරන්නන් අතර ඉතා ජනප්‍රිය වේ. ශ්‍රීලංකන් ගුවන්මගීන්ට වඩාත් සුවපහසු සහ නම්‍යශීලී සේවාවක් මෙම දෛනික ගුවන් ගමන් වාර 3 තුළින් හිමිවනු ඇත.

නව අදහස දක්වන්න