ජපානයේ සුළි කුණාටුවෙන් 10ක් මිය ගිහින් | දිනමිණ

ජපානයේ සුළි කුණාටුවෙන් 10ක් මිය ගිහින්

300කට අධික පිරිසකට තුවාල

ජපානයේ වසර 25කට පසු ඇති වූ දරුණුතම සුළි කුණාටුවෙන් 10 දෙනකු මිය ගොස් ඇති බව වාර්තා වේ. කියෝතෝ සහ ඔසාකා ප්‍රදේශයන්හි පමණක් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්ය.

"ජෙබි" හේතුවෙන් ආපදාවට ලක් විය හැකි මිලියන දෙකකට ආසන්න ජනතාව පෙර සූදානම් කළ කඳවුරුවලට යොමු කිරීමට හැකි වූ බව ආපදා කළමනාකරණ බලධාරීහු පවසති. අයහපත් කාලගුණය හමුවේ ගුවන් ගමන් වාර 800ක‍ට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර ඔසාකා කෙන්සායි ගුවන්තොටුපොළේ 3000ක පමණ පිරිසක් රැඳී සිටින බව වාර්තා වේ. ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජලය පිරී ඇති බැවින් එම පරිශ්‍රය දින ගණනාවක් වසා තැබීමට සිදු විය හැකි බවයි.

වරායේ නැංගුරම් දා තිබූ නෞකාවන්ට ද හානි පැමිණ තිබූ අතර සුළඟේ ගසාගෙන ගිය මෝටර් රථ තැන් තැන්හි ගොඩ ගැසී ඇති අයුරු දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

අදහස් 2ක් ඇත

japanaye Abalan Wahana Hoyana Lankawe ayata Raja Magul Wish u All the Best,

Japanaye abalan wahana Hoyana Lankawe Ayata raja magull,Wish u all he Best.

නව අදහස දක්වන්න