කල්කටාවේ පාලමක කොටසක් කඩා වැටී පුද්ගලයෙක් මරුට | දිනමිණ

කල්කටාවේ පාලමක කොටසක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

කල්කටාවේ පාලමක කොටසක් කඩා වැටීමෙන් එක් පුද්ගලයකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත. මේ අතර සුන්බුන් අතර සිර වූ පිරිසක් ද සිටින බව වාර්තා වේ.

මේ පාලම දුම්රිය මාර්ගයට ඉහළින් ඉදි කර තිබූ අතර එය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි කල්කටා පොලිසිය පවසයි. කඩා වැටුණු කොටසේ බස් රථ, මෝටර් රථ, යතුරු පැදි ආදිය සිරවී ඇති බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

යුද හමුදාව සහ බේරා ගැනීමේ කණ්ඩායම් සිරවූවන් මුදා ගැනීමේ මෙහෙයුමේ නිරතව සිටින බවත් සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ඉන් අනතුරුව සිදු කරන බවත් බටහිර බෙංගාලයේ ප්‍රධාන ඇමැති මමතා බැනර්ජි මාධ්‍යට පැවසීය.


නව අදහස දක්වන්න

Or log in with...