ජේබි බැට දුන් ජපානයට ප්‍රබල භූ කම්පනයක් | දිනමිණ

ජේබි බැට දුන් ජපානයට ප්‍රබල භූ කම්පනයක්

ජේබි සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ජපානයට ඊයේ(05) රාත්‍රියේ ප්‍රබල භූ කම්පනයක් සිදු ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 
ජපානයේ හොකයිඩෝ දූපතේ මෙලෙස භූ කම්පනයක් සිදුව තිබේ. එහි ප්‍රබලත්වය රිච්ටර් පරිමාණ 6.6කි. 
 
ගාඩියන් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් 32දෙනෙකු අතුරුදන්ව ඇති බවයි. එසේම තුවාල ලැබූ 10දෙනෙකුව රෝහල් ගත කර ඇතැයි ද සදහන් වේ. 
 
 හොකයිඩෝ දූපතේ මිලියනයකට ආසන්න ජනතාවකට විදුලි සැපයුමද ඇණ හිට තිබේ. නිවාස සහ දේපළ රැසකට හානි සිදුව ඇති බව ද සදහන්ය . භූ කම්පනයත් සමග නාය යෑම් ද වාර්තා වී ඇතැයි සදහන් වේ. 
 

නව අදහස දක්වන්න