බංග්ලාදේශයෙන් හෙල්මට් නැතිනම් ඉන්ධන නැහැ | දිනමිණ

බංග්ලාදේශයෙන් හෙල්මට් නැතිනම් ඉන්ධන නැහැ

හෙල්මට් නොමැති යතුරුපැදිකරුවන්ට ඉන්ධන අළෙවිය තහනම් කිරිමට බංග්ලාදේශ රජය තීරණය කර ඇත.
 
මාර්ග අනතුරු වළක්වා ගැනීම එහි අරමුණ වේ.
 
ඩකා ඇතුළු ප‍්‍රධාන නගරවල පිරවුම්හල් ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව පොලිසිය සඳහන් කර ඇත.
 
මාර්ග ආරක්ෂාව පිළිබඳ මතු වූ ගැටලු හේතුවෙන් පසුගිය කාලයේ බංග්ලාදේශයේ උද්ඝෝෂණ රැසක් හටගත්තේය. පාසල් ළමුන් කිහිපදෙනෙකු මිය යාම පදනම් කරගෙන විරෝධතා ආරම්භ විය. ඒ අනූව නව නීතිය ක‍්‍රියාත්මක කිරිමට බංග්ලාදේශ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 
 
එසේම පසුගියදා ඩකා මෙට්ට්‍රෝපොලිටන් පොලිස් මාධ්ය මධ්‍යස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වූ ඩකා හි පොලිස් කොමසාරිස්වරයා කියා සිටියේ හෙල්මඩ් නොමැතිව පැමිණෙන යාතුරුපැදිකරුවන්ට ඉන්ධන ලබා නොදීමට ඉන්ධනහල් හිමියන් පොරොන්දු වී ඇති බවය. 
 

නව අදහස දක්වන්න