නිවසක ගින්නකින් ගැබිණි වෛද්‍යවරියක් මරුට | දිනමිණ

නිවසක ගින්නකින් ගැබිණි වෛද්‍යවරියක් මරුට

බෙල්ලන්විල පිහිටි දෙමල් නිවසක අද (06) දහවල් ඇති වූ ගින්නකින් වෛද්‍යවරියක් මියගොස් තවත් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බව පොලීසිය පවසයි.
 
මෙම ගින්නෙන් මියගොස් තිබෙන්නේ ගැබිණි වෛද්‍යවරියක් (37)වන අතර ඇගේ සැමියා හා පස් හැවිරිදි පිරිමි දරුවා රෝහල් ගත කර තිබේ. ඔවුන් මේවන විට දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
 
මෙලෙස මිය ගොස් ඇත්තේ හෙරණ රජයේ රෝහලේ සේවය කර දැනට රැකියාවෙන් ඉවත්ව සිටින කාන්තාවකි. ඇයගේ ස්වාමි පුරුෂයා ද ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අක්‍ෂි සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකි.
 
ගින්නට හේතුව මෙතෙක් ආනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් බෙරලැස්ගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නව අදහස දක්වන්න