ශ්‍රී ලංකා වොලිබෝල් ප්‍රවීණයෝ රැස්වෙති | දිනමිණ

ශ්‍රී ලංකා වොලිබෝල් ප්‍රවීණයෝ රැස්වෙති

කළුතර දිස්ත්‍රික් ප්‍රවීණයන්ගේ සංගමයේ ලේකම් කේ. එස්. පීරිස් මහතාට ක්‍රීඩාව වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා ජාතික සංගමයේ සභාපති මර්වින් ප්‍රනාන්දු පුල්ලේ මහතා සහතික පත්‍ර ප්‍රදානය කරන ලදි.

නොබෝදා කොච්චිකඩේදී පැවැති ශ්‍රී ලංකා වොලිබෝල් ප්‍රවීණයන්ගේ සංගමයේ මහසභා රැස්වීම ප්‍රවීණ වොල්බෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100කට ආසන්න සහභාගීත්වයෙන් සභාපති මර්වින් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. මෙහි දී පුරප්පාඩුව පැවති තනතුරු සඳහා සාමාජිකයන් පත්කර ගැනීම සිදු වූ අතර සංගමයේ නව උප සභාපතිවරයන් ලෙස රවින්ද්‍ර ඒකනායක මහතා ද ඉන්ද්‍රජිත් සම්බන්දප්පෙරුම මහතා ද විධායක සභිකයන් ලෙස ස්වර්ණා මල්කාන්ති මහත්මිය ද ක්‍රිස්ටි සිල්වා, කීර්ති ජයසේකර හා අජිත් නෙත්තසිංහ යන මහත්වරු තේරී පත් වූහ. මෙහි දී දිස්ත්‍රික් වොලිබෝල් ප්‍රවීණයන්ගේ සංගම් සඳහා ලියාපදිංචි කිරීමේ සහතික ද ප්‍රධානය කරන ලදි. මේ වසරේ ප්‍රවීණයන්ගේ ජාතික වොලිබෝල් තරග කෑගල්ල දිස්ත්‍රික් සංගමයේ සංවිධායකත්වයෙන් ඉටු කිරීමට තීරණය විය.

 


නව අදහස දක්වන්න