හොරෙන් වැලි ඇද්ද 4ක් කොටු | දිනමිණ


 

හොරෙන් වැලි ඇද්ද 4ක් කොටු

ව්‍යාජ ලෙස සකස්කළ ලියකියවිලි හා බලපත් උපයෝගී කොට ගෙන වැලි ප්‍රවාහනයේ යෙදී සිටි පුද්ගලයන් හතර දෙනෙකු එම වාහනද සමඟ ගිරාඳුරුකෝට්ටේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප.සමන් අංගම්මන මහතාට ලැබුණු තොරතුරක් අනුව කරන ලද හදිසි මෙහෙයුමකදී 51 හංදිය හරහා ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ බැරියර් හංදිය නමැති ස්ථානයේදීමොවුන් අත්අඩංගුවට ගත්තේ ඉකුත් 04දිනයි වාහන නවත්වා ලියකියවිලි පරීක්ෂා කිරීමේදී ඒවා ව්‍යාජ ලෙස සකස්කර ඇති ලියවිලි බවටද පොලීසිය හඳුනාගෙන තිබේ.ව්‍යාජලෙස සකස්කළ රබර් මුද්‍රා 6ක්පමණ භාවිතකර ඇති බවද හෙළිකර ගෙන තිබේ. මොවුන් කාලයක් තිස්සේම මෙ ක්‍රමවේදය යොදාගෙන ඇති බවටද පොලිසිය සැක කරයි.

ගිරාඳුරුකෝට්ටේ පොලීසිය පැවසූ පරිදි මොවුන් මාදුරු ඔය මංකඩ හා කුඩා ඔය මංකඩ යන ස්ථාන වලින් වැලි පටවා ගෙන දිවයිනේ විවිධ ප්‍රදේශ වලට ප්‍රවාහනය කර ඇත. අත්අඩංගුවට පත්කරගත් සැකකරුවන් හසලක ,ගිරාදුරුකෝට්ටේ හා උඩ දුම්බර යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන්ය.

බදුල්ල නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර,කොට්ඨාස භාර පොලිස් අධිකාරී කන්දෙවත්ත හා පොලිස් අධිකාරීඋජිත් ලියනගේ යන පොලිස් නිලධාරින්ගේ උපදෙස් මත පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප.සමන් අංගම්මනමහතා ඇතුළු පො.කො.66568 ගමගේ,6495 චනද්‍රගුප්ත,රත්නායක හා පො.කො.රියදුරු රාජරත්න යන නිලධාරිහු මෙම වැටලීමට සහභාගිවුහ.

ගිරාඳුරුකෝට්ටේ සමූහ සෝමදාස
සමර ගුණරත්න - සොරණාතොට සමූහ

නව අදහස දක්වන්න