ඒකාබද්ධයේ ආණ්ඩු සිහිනය බොඳ වුණා | දිනමිණ

ඒකාබද්ධයේ ආණ්ඩු සිහිනය බොඳ වුණා

ශිරෝමි අබයසිංහ

කොළඹ ගාලුමුවදොර ෂැන්ග්‍රිලා තරු හතේ හෝටලයේ කාමර 15 ක සිට නව ආණ්ඩුවක් පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂය දුටු සිහිනය ජනබලය උද්ඝෝෂණය අසාර්ථකවීමත් සමඟ බිඳීගිය බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

රාජපක්ෂ රජය චීනයට විකුණූ ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ගාලුමුව‍ෙදාර පිටිය ඉදිරිපිට ඉඩමේ ඉදිකර ඇති ෂැන්ග්‍රිලා හෝටලයට අමතරව හිල්ටන් හා ටාජ් සමුද්‍රා යන හෝටල්වල කාමර 3 බැගින් වෙන් කරවාගෙන නව ආණ්ඩුව පිහිටුවීමට සැලසුම්කර තිබු බවද වජිර අබේවර්ධන මහතා කීවේය.

වසර 9ක් මුළුල්ලේ හොරකම් කළ සල්ලි වියදම් කර නායකයන් තරු හතේ හෝටල් කාමර වෙන් කරවාගෙන කරන්න සැලසුම් කළ සියලු වැඩ උද්ඝෝෂණය අසාර්ථකත්වය මත කඩා වැටුණු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


නව අදහස දක්වන්න