සාර්ථක පර්යේෂකයන් රැසක් කෘෂි සංවර්ධන අංශයේ සිටිනවා | දිනමිණ

සාර්ථක පර්යේෂකයන් රැසක් කෘෂි සංවර්ධන අංශයේ සිටිනවා

BG 300 වී වර්ග හඳුන්වා දෙමින් ලොව පුරා ජනතාවගේ කුසගිනි නිවූ කෘෂි විද්‍යාඥ ආචාර්ය එම්.පී.ධනපාල මහතාට විශේෂ ඇගයීමක් සම්මානයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පිරිනමයි.

ලෝකයේ වැඩිම අස්වැන්නක් ලබාදෙන වී වර්ගයක් වන BG 300 වී ප්‍රභේදය හඳුන්වා දෙමින්, ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ සහල් පරි‍භෝජනය කරන රටවල් ගණනාවකගේ ජනතාවගේ කුසගින්න නිවීමට කළ සේවාව අගයමින් කෘෂි විද්‍යාඥ එම්.පී. ධනපාල මහතාට විශේෂ ගෞරව සම්මානය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඊයේ (06දා) පෙරවරුවේ ගන්නෝරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ පිරිනමනු ලැබීය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කෘෂිකාර්මික සමුළුව ඊයේ (06දා) පෙරවරුවේ ගන්නොරුවේ, ආරම්භ වූ අතර එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා සහභාගී විය. ඊට අමතරව කෘෂිකර්ම රාජ්‍ය ඇමැති රාමනාදන්, කෘෂිකර්ම ලේකම් බී. විජයරත්න යන මහත්වරු ඇතුළු කෘෂි විද්‍යාඥයින් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

මෙහි දී අදහස් පළ කළ මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සංවර්ධනයේ අනාගතය සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තුවක් තැබිය හැකි පර්යේෂකයන් රැසක් කෘෂිකර්මාන්තය තුළ සිටින බවයි. ශ්‍රී ලංකාවේ සෑම බිම් අඟලක්ම වගාකර අපේ රට කෘෂිකාර්මික රටක් වශයෙන් ඒ සඳහා ලබාදිය හැකි සහයෝගය ලබාදීමට පියවර ගන්නා ප්‍රකාශ කළේ ය.

මේ වනවිටත් බෝග වර්ග ගණනාවක නව ප්‍රභේද හඳුන්වා දෙමින්,අපේ රටේ කාලගුණික හා දේශගුණික තත්ත්වවලට ඔරොත්තු දෙන සහ වැඩි අස්වැන්නක් ලබිය හැකි බෝග වර්ග හඳුන්වා දීම සම්බන්ධයෙන් රටේ ගොවි ජනතාව වෙනුවෙන් තම කෘතඥතාවය පළ කරන බව ද අමාත්‍යවරයා කීය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.ඩබ්.වීරකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ අතර මෙහි ආරම්භක දේශනය මහාචාර්ය ටැස්මේනියානු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හොල්ගර් වේයින් මහතා විසින් සිදුකරනු ලැබී ය.


නව අදහස දක්වන්න