රාජ්‍ය තාන්ත්‍රිකයෝ සිවු දෙනෙක් අක්තපත්‍ර බාර දෙති | දිනමිණ

රාජ්‍ය තාන්ත්‍රිකයෝ සිවු දෙනෙක් අක්තපත්‍ර බාර දෙති

Mr. Hanspeter Mock – ස්විට්සර්ලන්තයේ නව තානාපති

මෙරටට අලූතින් පත්ව ආ රාජ්‍ය තාන්ත්‍රිකයෝ සිවු දෙනෙක් ඊයේ (06) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්‍ර බාර දුන්හ.

ස්විස්ටර්ලන්තය, මැලේසියාව, ගෝතමාලාව සහ සැම්බියා රාජ්‍ය සඳහා මෙලෙස නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත්ව සිටිති.

මෙහිදී නව රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇමතූ ජනාධිපතිතුමා සදහන් කළේ ඉහළ ජාත්‍යන්තර සහයෝගයක් සමඟ සංවර්ධනයේත්, සංහිදියාවේත් අරමුණු ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකාව යන ගමනේදී නව රාජ්‍ය තාන්ත්‍රිකයන් ද ඊට උපරිම සහය ලබාදෙනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.

ඡායාරූප-සුදත් සිල්වා


නව අදහස දක්වන්න