සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ සාමාජිකත්වය වැඩි කිරීමේ මෙහෙයුමක් | දිනමිණ

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ සාමාජිකත්වය වැඩි කිරීමේ මෙහෙයුමක්

අනුර ප්‍රේමලාල්

සේවක අර්ථසාධක හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල්වල අයිතිය මේ රටේ වැඩකරන පන්තියේ ජනතාවට ලබාදීම සඳහා එහි සාමාජිකත්වය වැඩි කිරීමේ මෙහෙයුමක් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමත්‍යාංශය ආරම්භ කරන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා ප්‍රකශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට සමාගමිව සිය අමත්‍යාංශයෙන් සිදුකරන කටයුතු ආරම්භ කරමින් මෙහි එක් වැඩපිළිවෙළක් ලෙස සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සාමජිකයන්ගේ පහේ ශිෂ්‍යත්වය සමත් දරුවන්ට ශිෂ්‍යත්ව වැඩසටහන ඉකුත් (02) මොනරාගලදි පැවැත්විණි. එහිදි වැඩිදුරටත් කතා කළ ඇමතිවරයා මෙසේද කීය.පුද්ගලික අංශයේ ලක්ෂ හැත්තෑපහක් පමණ සේවය කළාට මේ අරමුදල් වෙනුවෙන් දායක වෙන්නේ ලක්ෂ විසි හයක් පමණයි. ඒ නිසා මේ අරමුදල් ශක්තිමත් කිරීමට සාමාජිකයන් වැඩිකර ගැනීමට මේ මෙහෙයුම ආරම්භ කෙරුණා. මේක පෞද්ගලික බැංකුවක් හා සමානයි එහි වරප්‍රසාද තියෙන්නේ සාමාජකයන්ට පමණයි.ආණ්ඩුව මගින් ක්‍රියාත්මක කරන 2025 එනටර්ප්‍රයිස් වැඩසටහනට සමගාමිව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරන සේවා නියුක්තියන්ගේ භාර අරමුදලේ සාමාජිකයන්ගේ පහේ ශිෂ්‍යත්ව සමත්වන දරුවන් සදහාවන වැඩසටහන අපි අද මොනරාගල ක්‍රියාත්මක කරනවා. මේ මහජන බැංකුව දක්වන දායකත්වය මෙහිදි කියවුණා. අපේ අමත්‍යාංශය තමයි මේ රටේ වැඩකරන ජනතාවගේ ආරක්ෂණ අරමුදල් දෙක පවත්වාගෙන යන අමත්‍යාංශය සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඬලය. මේ අරමුදල් මඟින් රටේ වැඩකරන සුවහසක් ජනතාවගේ සුබසාධන වැඩ රාශියක් ඉටුකරනවා. ඉන් එක් කාර්යක් තමයි අද සිදුවන්නේ. මීිට අමතරව හෘද සැත්කම් සඳහා ආධාර ඉල්ලා සිටි සාමාජික සාමාජිකාවන්ට රුපියල් ලක්ෂ තුන බැගින්ද මෙහිදි ලබාදීමට කටයුතු සූදානම් කර තියෙනවා.

මේ විභාගය පිළිබඳ මගේ මතය වෙනස් දෙමව්පියන් ලොකු බරක් මේ අහිංසක දරුවන් වෙත දමනවා.අ.පො.ස.සාමන්‍ය පෙළට හා අ.පො.ස.උසස් පෙළ විභාගයවලට මේ උනන්දුව නැහැ. මේක අම්මාවරුන්ගේ විභාගය ලෙස හඳුන්වනවා. මගේ පෞද්ගලික මතය නම් පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන තීන්දුවක් ගත යුතු කාලය පැමිණ තිබෙන බවයි. මම අධ්‍යාපන ඇමැතිනම් මේ ගැන තීරණයක් මේවන විටත් අරගෙන අවසානයි. ශිෂ්‍යත්ව සමත්වුණාම හොඳ විද්‍යාලයකට යෑමේ අවස්ථාව ඇතුළු වරප්‍රසාද ලැබෙනවා. අද දරුවන් වෙනුවෙන් මහජන බැංකුවේ යම් මුදලක් තැන්පත් කරනවා මේ දරුවන්ගේ අභිවෘද්ධීය සඳහා. අපේ අමත්‍යාංශයේ මෙවැනි තවත් අරමුදලක් තියෙනවා ශ්‍රමවාසනා අරමුදල එයින් රැකියාවේ නිරතව සිටද්දි මිය ගිය අයගේ දරුවන්ට අධ්‍යාපනය දියුණු කරගන්න ශිෂ්‍යත්වයක් ලබාදෙනවා. රජයේ රැකියාවල නිරතව සිටින අයට යම් යම් වරප්‍රසාද තියෙනවා. මේ රජය රුපියල් දසදහසකින් වැටුප් වැඩිකර එක ගැන අද යම්යම් දේවල් කියනවා. අපිටත් හිතෙනවා මේක ටික ටික වැඩිකළානම් හොඳයි කියලා. නමුත් කව්රුත් කියන්නේ නැහැ 2020වන විට මූලික වැටුපට එකතුවන මුදල ගැන. දුම්රිය එන්ජිම් රියැදුරන් සිය වැටුප් දුන්නේ නැහැ කියලා සතියෙන් සතියෙන් වර්ජනය කරන්න සුදානම් වෙනවා. දැන් ජනතාව මේ ගැන දැනුවත් වෙලා තියෙන බව පේනවා.

ඕනෑම ව්‍යාපෘතියකට මුදල් අයෝජනය කරන්නේ ලාභයක් බලාපොරොත්තුවෙන්. අපේ අමාත්‍යාංශයේ මාසයකට වතාවක් රැස්වෙන කම්කරු උපදේශන සභාවේදි යෝජනාවක් ලැබුණා. ලෝකයේ වසර විසිපහකින් පමණ විශ්‍රාම වැටුප පිළිබඳ තිබෙන වැඩපිළිවෙළ වෙනස් කරන්න වෙනවා. ඉදිරියේදි ලෝකයේ වයස්ගත ජනකාණ්ඩය වැඩිවෙනවා. ජපානය මේ ගැටලුවට මුහුණ දුන්නා.එහිදි දරුවන් ලැබීමේදි එය වර්ධනය කරන්න දරුවගෙන් දරුවාට දිරිදීමේ දීමනාවක් ලබාදුන්නා. ඉදිරියේදි අපේ රාජ්‍ය සේවයට කුමක් වෙයිද මේ ළඟදි රාජ්‍ය සේවයේ පත්වීමක් පන්දහසක් පමණ ලබාදුන්නා. දැනට රාජ්‍ය සේවයේ කාන්තාවන් 60%ක් පමණ සිටිනවා. මෙයත් දැන් ගැටලුවක් වෙලා දේශපාලනයෙත් කාන්තාවන් වැඩි කළ නිසා අපි මේවාට මුහුණ දිය යුතුයි. දරු ප්‍රසූතියේදි අපි දින අසුවක් නිවාඩු ලබාදී තියෙනවා.මේවායේදි ප්‍රායෝගික ගැටලු මතුවෙනවා. ඊට අපි මුහුණ දිය යුතුයි.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා මගින් ව්‍යවසායකින් ලක්ෂ ගණනක් බිහිකරන්න අපි කටයුතු කරමින් අත හිත දෙනවා. බැංකු නීති රීති ලිහිල් කරලා තියෙනවා. ගම්පෙරළිය මගින් ග්‍රාම නිලධාරි කොට්ඨාසයක් වෙනුවෙන් ලබාදුන් වැඩිම මුදල් ප්‍රමාණයක් ලබාදී තියෙනවා. මෑති ඉතිහාසයේ පළමුවතාවටයි ඒ ආකාරයට මුදල් ප්‍රතිපාදන ලබාදී තියෙන්නේ.මොනරාගල වගේ දුෂ්කර දිස්ත්‍රික්කයකින් මේ කටයුතු ආරම්භ කිරීම වැදගත්.

අපි ඉල්ලීමක් කරනවා සාමාජිකත්වයෙන් මේ අරමුදලට සාධාරණයක් කරන්න සාමාජිකයත්වය වැඩිකර දෙන්න කටයුතු කරන්න කියලා පුද්ගලික අංශයේ ලක්ෂ හැත්තෑපහක් පමණ සේවය කළාට මේ අරමුදල් වෙනුවෙන් දායක වෙන්නේ ලක්ෂ විසි හයක් පමණයි. මේක පෞද්ගලික බැංකුවක් හා සමානයි එහි වරප්‍රසාද තියෙන්නේ සාමාජකයන්ට පමණයි.

රාජ්‍ය ප්‍රතිසංස්කරණ, නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා හා සේවානියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඬලයේ සභාපති මහින්ද මඩිහේවා හා එම කාර්ය මණ්ඬලය, ඇතුළු ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් ලබා තිබු දුදරුවන් හා දෙමව්පියන්,නිලධාරින් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

නව අදහස දක්වන්න