ගවමස් ඇද්ද දෙදෙනෙක් කොටු - Photos | දිනමිණ

ගවමස් ඇද්ද දෙදෙනෙක් කොටු - Photos

නිතී විරෝධි ලෙසින් බලපත්‍ර නොමැතිව ගව මස් කිලෝ 120 ප්‍රවාහනය කරන ලද රියදුරු බලපත්‍ර හා වාහාන බලපත්‍රය නොමැති රතු පැහැති ත්‍රීවිල් රථයක් සැකකරුවන් දෙදෙනෙක් සමග ගව මස් තොගය හා ත්‍රීවිල් රථය ද සමගින් අත්අඩංගුවට ගැනිමට අද 07 අලුයම හෙම්මාතගම පොලිසිය කටයුතු කර තිබේ.

හෙම්මාතගම පොලිසිය විසින් වැටලිම සිදු කර ඇත්තේ හෙම්මාතගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මෙෂාන් ඉන්දුක ද සිල්වාට ලැබුණු තොරතුරකට අනුව අලුයම 5.05 ට ය.

නිති විරෝධි ලෙස ගව මස් ප්‍රවාහනය කර රථය දෙල්ගහදෙනිය දෙස සිට එම අවස්ථාවේ පැමිණි ඇති අතර රහසිගතව රැකවල්ලාගෙන සිටි පොලිස් නිලධාරින් වැටලීම සාර්ථකව සිදු කර මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර ඇත.

ත්‍රිවිල් රථයේ පසු පස ආසනයේ බිම දමා තිබු ගව මස් කිලෝ 120 ක ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර මෙහිදි අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයේ වාඩියතැන්න හා දුම්බුළුවාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර එක් පුද්ගලයෙක් වයස අවුරුදු 42 ක සිව් දරු අයෙකි.

මෙහි සිටි සැකකාර තරුණයා අවුරුදු 20 ක් වයසැති අයෙක් වන බවද පොලිසිය පවසයි.

හෙම්මාතගම පොලිසිය විමර්ශන මෙහෙයවයි.


නව අදහස දක්වන්න